(ඩබ්. ඒ. පියතිලක)
හිගුරක්ගොඩ රෝහලේ රුපියල් මිලියන 20ක් පමණ වැයකර ඉදිකළ නව දන්ත ශෛල්‍යාගාරයේ වැඩ නිමවා ඇති නමුත් උපකරණ සවිකර විවෘත නොකර සිටිම හේතුවෙන් ප‍්‍රතිකාර ලබා ගැනිමට පැමිණෙන තමන් දැඩි අපහසුතාවයට පත්වන බව රෝගිහු කියති.
මේ පිළිබද පොළොන්නරුව ප‍්‍රාදෙශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය ඩී. එස්. ඒ. ජයසිංහ මහතාගෙන් විමසා සිටි අවස්ථාවේ ඔහු කියා සිටියේ හිගුරක්ගොඩ රෝහලේ ඉදිකළ නව දන්ත ශෛල්‍යාගාරයේ වැඩ නිමවා තමන්ට බාරදී ඇති බවත් අදාළ උපකරණ ළඟදීම සවි කිරිම අරඹන බවත්ය.
ජනපතිගේ ප‍්‍රධානත්වයෙන් එය විවෘත කිරිමට මේවන විට කටයුතු සැලසුම් කරමින් පවතින බවත් ඔහු කීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd