(උපාලි ආනන්ද)
ඖෂධ නියාමන අධිකාරියේ බලපත‍්‍රය නොමැතිව නීති විරෝධී ලෙස පලාගල ආඩියාගල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය බව කියන ඖෂධහලක් වැටලූ බව පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ශ‍්‍රිමාල් විතානාරචිචි මහතා පවසයි.
මෙම ඖෂධ හලේ ඖෂධ නිකුත් කරන ඖෂධවේදිණිය ලෙස සේවය කරන්නේ එහි අයිතිකරුගේ බිරිඳ බවත් ඇයට ඖෂධ නිකුත් කිරීම සදහා කිසිදු සුදුසුකමක් නැති බවත් කළ විමර්ශණයේදී හෙළි වී තිබේ.
පුද්ගලික ඖෂධ අලෙවිසැලක ඖෂධ නිකුත් කිරීමට අදාළ පුද්ගලයා ඖෂධවේදියෙකු වීමත් වෛද්‍ය සභාවේ ලියාපදිංචි වී තිබීමත් අනිවාර්ය වේ.
ඖෂධ හල පවත්වා ගෙන යාම සදහා නිකුත් කර ඇති බලපත‍්‍රයේ බව කියන ජායා පිටපතක් පමණක් එහි අයිතිකරු පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට ඉදිරිපත් කර ඇතත් එයද ව්‍යාජ එකක් බවට සැකයක් පවතින බව වාර්තා වේ.
තමා මෙම ඖෂධ හල පවත්වා ගෙන යන්නේ ගල්කිස්ස ප‍්‍රදේශයේ කාන්තාවකගෙන් මාසික කුලී පදනමට ලබා ගත් බලපත‍්‍රයක් මත බව එහි අයිතිකරු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට ප‍්‍රකාශ කළද එම බලපත‍්‍රයේ අයිතිකරු බව කියන ගල්කිස්ස ප‍්‍රදේශයේ කාන්තාව කවුරුන්ද යන්න නිශ්චිතව ප‍්‍රකාශ කිරිමට අයිතිකරු අසමත්ව ඇත.
මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනිමට අපේක්ෂා කරන බව විතානාරච්චි මහතා පැවසීය.
විධිමත් බලපත‍්‍රයක් නොමැතිව සුදුසුකම්ද නොමැති කාන්තාවක යොදාගෙන මෙතෙක් කල් මෙම ඖෂධ හලෙන් නිකුත් කර ඇති ඖෂධ සම්බන්ධයෙන් ගැටළුවක් පැන නොනගින්නේදැයි විමසූ විට විතානාරච්චි මහතා පැවසුවේ දැනට නිකුත් කර ඇති ඖෂධ නියම ඒවාද යන්න ප‍්‍රබල සැකයක් පවතින බවයි.
මේ සම්බන්ධයෙන් මෙම ඖෂධ හලේ අයිතිකරුගෙන් කළ විමසීමකදී පැවසුවේ මේ මොහොතේ තමා අසරණ බවත් කීමට කිසිවක් නැති බවත් ය.
2025 නොවැම්බර් මස 04
709
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2378
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1743
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පලාගල හොර බෙහෙත්හලක් වටලයි