(රංජිත් රාජපක්‍ෂ)
වතුකම්කරුවන්ගේ වැටුප් සහ නිවාස ප‍්‍රශ්නයට මෙතෙක් කිසිදු රජයකින් විසදුම් ලැබී නොමැති බව වතුකම්කරු මධ්‍යස්ථානය පවසයි.
මෙරට තේ කර්මාන්තයේ වසර දෙසීයකට ආසන්න කාලයක් ශ‍්‍රමදායකත්වය සපයන වතුකම්කරුවන්ගේ නිවාස ප‍්‍රශ්නය සහ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් මෙතෙක් පැවති කිසිදු රජයක් විසදුම් ලබා දි නොමැති බව එහි සංවිධායක ලේකම් වසන්ත කුමාර අබේකෝන් මහතා අවධාරණය කරයි.
හැටන් සි.ඩබ්ලිව්.එෆ් ශාලාවේදී අද (29) පැවති මාධ්‍ය හමුවකදි ඒ මහතා මේ බව කීය.
“මේ රටේ වතු පේලි නිවාස දෙලක්‍ෂ හතලිස්දහසක් තියෙනවා.ඒවා නිසි ප‍්‍රතිමිතියකින් තොර නිසා වතුකම්කරුවන් දැඩි ලෙස පිඩාවට පත්ව සිටිනවා.මෙවර අයවැයෙන් වතුකම්කරුවන්ගේ නිවාස වෙනුවෙන් වෙන්කර ඇති මුදල නිවාස ප‍්‍රශ්නය විසදිමට තරම් ප‍්‍රමාණවත් නෑ.
වතුකම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් සාමුහික ගිවිසුමක් තියෙනවා.එම ගිවිසුම අනුව වැඩි කළ වැටුප් වතුකම්කරුවන්ට ලැබෙන්නේ නෑ.මේ රටේ ආර්ථිකයට තුන්වැනියාට විශාල දායකත්වයක් සපයන වතුකම්කරුවන්ගේ වර්තමාන දෛනික වැටුප රුපියල් 520යි.ඒ වැටුප කිසිසේත්ම ප‍්‍රමාණවත් නෑ. මෙවර අයවැයෙන් වතුකම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිමට කටයුතු කළ යුතුයි“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.

2025 නොවැම්බර් මස 04
709
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2378
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1743
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘වතුකම්කරුවන්ගේ ප්‍රශ්නවලට විසඳුම් නෑ‘