( පුෂ්පකුමාර මල්ලව ආරච්චි)
කල්එළිය කාන්තා අරාබි විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියන් 26 දෙනෙකු වමනය හිසරදය ඇතුලූ අජීර්ණය හේතුවෙන් මීරිගම මූලික රෝහලෙන් ප‍්‍රතිකාර ලබා ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් කීය. රෝගී වූ සිසුවියන්ගෙන් 16 දෙනෙකු වනවිටත් නේවාසිකව ප‍්‍රතිකාර ලබන බවද එම ප‍්‍රකාශකයා පැවැසීය.
සිසුව්යන්ගේ රෝග තත්ත්වය පිළිබඳව මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය දැනුම්වත් කර ඇති අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙම රෝගී තත්තවයට හේතුව අනාවරණය කර ගැනීම සදහා පරීක්ෂණ ආරම්භ කර ඇත.
අජීර්ණ තත්ත්වයට හෙතුවී ඇත්තේ කිසියම් ආහාරයක් විසවිමක්ද නැතහොත් වෙනත් කරුණක්දැයි මෙතෙක් හෙලිවී නැතැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ප‍්‍රකාශකයෙක් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd