(කේ බුද්ධික කුමාරසිරි)
පාදුක්ක - කොළඹ මාර්ගයේ මීගොඩ පුවක්වත්ත ප‍්‍රදේශයේදී අද (29) යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බව මීපේ පොලිසිය පවසයි.
පාදුක්ක සිට මහරගම බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයකට එම දෙසටම ධාවනය වූ යතුරුපැදිය ඉස්සර කිරීමට යාමේදී අනතුර සිදුව අැත.
අනතුරින් හෝමාගම ප‍්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවයේ නිරත වූ උඩුවන පදිංචිව සිටි චාමර චතුරංග නමැති 24 හැවිරිදි පුද්ගලයකු මරණයට පත්විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd