(එස් .ඩි.කොඩිකාර )
දෙනියාය යාපිටකන්ද ඉහළ මාර්ගයේදී අද (23) අලුයම ත්‍රීරෝද රථයක් තිරිංග ක්‍රියාත්මක නොවීම හේතුවෙන් නිවසක වහලය මතට වැටී ඇතැයි පොලිසිය කියයි.
ඉන් නිවසේ සෙවිලි තහඩුවලට අලාභහානි සිදුව ඇතැයි ද කිසිවකුටත් තුවාල සිදුව නැතැයි ද පොලිසිය පවසයි.
අවමංගල්‍ය උත්සවයකට ගොස් නැවත පැමිණි ත්‍රීරෝද රථයක් මෙසේ එම මාර්ගයට පහළින් තිබූ නිවසක වහලය මතට පෙරළී තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රී රෝද රථ ලංකාවට ලොකු හානියක් කරනවා, පරිසර දුෂණය හරිම වැඩි. තරුණ කට්ටිය පාසලෙන් උසස් පෙළ ඉවර වුණ ගමන් මේක එලවන්න පුරුදු වෙනවා. හරි රැකියාවලට කට්ටිය නැහැ. ටිකක් විවෘතව බැලුවොත් මේක ලොකු ප්‍රශ්නයක්. තරුණ රියදුරෝ එලවන විදිහ හරිම වේගවත්. අනෙක් රියදුරන්ට ගරු කරලා හරි විදිහට එලවන්නේ නැහැ. ඒක ලොකු ප්‍රශ්නයක්. මහා මග කී දෙනකුට හිරිහැර කරනවද. මේ සේරම සමාජීය ප්‍රශ්න. මම දන්නවා ගොඩක් රැකියාවල් පෞද්ගලික ආයතන වල තියෙනවා. මේ තරුණ අය ඒවාට යන්නේ නැහැ මොකද ජීවිතේ ලේසි කියල හිතෙනවා ත්‍රීවීල් එලවන එක.