(විනීතා එම් ගමගේ)
කොළඹ නගරය කැළි කසලවලින් සම්පූර්ණයෙන්ම තොර නගරයක් බවට පත්කළේ යැයි මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ඉකුත් ජූලි මාසය වන විට කොළඹ නගරයේ ස්ථාන 135 ක කැළි කසල රැඳී තිබු බවත් ක‍්‍රමාණුකූලව හා නිවැරදි තාක්ෂණය අනුගමනය කරමින් නගරයේ කසල සම්පූර්ණයෙන් ඉවත් කළ බවත් අමාත්‍යවරයා කියයි.
ත‍්‍රිවිධ හමුදා, පරිසර පොලිසිය, නගර සභා, පෞද්ගලික ආයතන මේ කටයුත්තට සහය දුන් බව ද ජනතාව මේ තත්ත්වය පවත්වාගෙන යාමට සහය දිය යුතු බව ද හෙතෙම පවසයි.
ප්ලාස්ටික්වලින් අය කරන බද්ද ඉදිරියේ දී කසල කළමනාකරණ කටයුතු සඳහා පළාත් පාලන ආයතනවලට ලබා දෙන්නැයි රජයෙන් ඉල්ලීමක් කර ඇති බව ද අමාත්‍යවරයා කීය.
අමාත්‍යවරයා මේ බව පැවසූවේ කොළඹ මහනගර සභාවේ අද (21) පැවැති මාධ්‍ය හමුවකදීය.
“දිල්ලිය, ඉස්ලාමාබාද් වගේ නගර මේ වන විට පරිසර දුෂණය නිසා වහලා. අද දකුණු ආසියාවේ වර්ග කිලෝ මීටරයකට වැඩිම දොඹකර ගණනක් ක‍්‍රීයාත්මක වන රට ලංකාවයි. ඉදිකිරීම් ක්ෂේත්‍රය තුන් ගුණයකින් වැඩිවෙලා.
පරිසර දුෂණය පාලනය එක්තරා ජයක් ලෙස සලකන්නේ ඒකයි. දිල්ලිය ඉදිකිරීම් නවතලා. අපි අවසන් විසඳුම ලෙස කසලවලින් විදුලිය ජනනය කරන බලාගාර තුනක් ආරම්භ කළා. ඒ වගේම ස්ථිරසාර විසඳුමක් ලෙස අරුවක්කාලූ කසල අංගනය ආරම්භ කරනවා. ඒ සඳහා අදාළ කොන්ත‍්‍රාත් සමාගමට කොන්ත‍්‍රාත් ප‍්‍රදානය කරන්න සුදානම්.
මීතොටමුල්ල හා බ්ලූ මැන්ඩල් කුණුකඳු ඇති තැන්වල ලබන වසරේ දී නාගරික උද්‍යාන ඇති කරනවා. කරදියානත් පළාත් සභාවත් සමඟ එක්ව විධිමත් තැනක් බවට පත් කරනවා.කසලවලින් සාක්කු පුරවා ගත්තු මාෆියාවල කාලය ඉවරයි. ඒ අයට ආපසු එන්න ලැබෙන්නේ නැහැ. එවැනි තැන්වලින් ආපසු ලාභ ලබන්න බැහැ. ’’ යැයි ද අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව්. ඒවා ඔක්කොම මුතුරාජවෙල. ගං වතුරක් ආව ගමන් ඒ කන්ද කඩා වැටිලා මුළු මුතුරාජවෙලම ඉවරයි.
2015 වෙනකම් කොළඹ කැලිකසල නැති නගරයක් විදියට තිබුණා...... මේ රජය ඇවිල්ල තමයි සියල්ල විනාශ කළේ. දැන් කිව්ට කොළඹ කැලිකසල වලින් තොර නගරයක් කියලා එක ප්‍රායෝගිකව වෙන්නේ නැහැ. ඕනේ තරම් තවමත් කොළඹ කුණු දකින්න පුළුවන්.
දෙමටගොඩ ගුවන් පාලම යට එහෙම පොඩ්ඩක් ඇවිත් බලන්න ඇමතිඅතුමා තියන කුණු තොගය කොහොමද කියල. නිකන් බොරු කියල මිනිස්සු රවට්ටන්න එපා.
ගෝටාභය ත්‍රිවිධ හමුදාව කොළඹ පිරිසිදු කරන්න ගත්තාම දොස් කියපු අයම දැන් කියනවා ත්‍රිවිධ හමුදාවත් මේ පිරිසිදු කිරීමට සහය වුනා කියලා.
කරුණාකර මරදාන ගුවන් පාලම් ගෙන අවධානය යොමු කරන්න. ඒවා කසලවලින් පිරි පවතී. ගමන් කරන මගීන්ට ඉමහත් කරදරයකි. ස්තුති .
2015 ට පෙර කුණු ඒ කාලෙ අය කන්න ඇති . නැත්නම් බ්ලූ මැන්ඩල් කුණුකන්ද උතුරේ දෙමළු ගෙනල්ල දාල වෙන්න ඇති 2015 ට පෙර පාලනය අවසාන කාලෙ තාත්තල පුතාල සහොදරයන්ගේ සංදර්ශනයක් බව තේරුම් නොගන්නෙ එම පාලනයෙන් මස්කටු ලෙවකාපු අය විතරයි. දැන්පාලනය වැරදි තමයි ඒත් නිදහස් වටිනව...............