IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ගෙදරටම ඇවිත් රන්භාණ්ඩ කොල්ලකන ජාවාරමක් කටුගස්තොටින්

(මොහොමඩ් ආසික්)

විශ්‍රාම වැටුප් ලබන වයෝවෘද්ධ කාන්තාවන් පමණක් සිටින නිවෙස්වලට ගොස් තමන් බැංකුවකින් පැමිණි බව අගවමින් හිඟ විශ්‍රාම වැටුප් දීමනාවක් ලබාගැනීමට ඇති බව පවසා මුදල් සහ රන් භාණ්ඩ වංචා කිරීමේ ජාවාරමක් කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයේ මේ වන විට ක්‍රියාත්මක බව කටුගස්තොට පොලීසිය කියයි.
 
කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයේ මේ වන විට මෙවන් සිදුවීම් කිහිපයක්ම වාර්තා වී ඇති බවත් වෙනත් පොලිස් බල ප්‍රදේශවලත් මෙවන් වංචා සිදු වී ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් පොලිසිය පවසයි

මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසත් මෙවන් පුද්ගලයන්ගෙන් ප්‍රවේශම් වන ලෙසත් ඉල්ලා සිටින පොලිසිය මෙවන් පුද්ගලයන් නිවසට පැමිණියහොත් වහාම පොලීසිය වෙත දන්වන ලෙසද ඉල්ලා සිටී.

රජයේ විශ්‍රාම වැටුප් හෝ වැන්දඹු විශ්‍රාම වැටුප් ලබන වයෝවෘද්ධ කාන්තාවන් පමණක් සිටින නිවෙස් හඳුනා ගෙන මොවුහු එවන් නිවෙස්වලට ගොස් තමන් බැංකුවකින් පැමිණි බවත් රුපියල් ලක්ෂ හතරක පමණ හිඟ විශ්‍රාම වැටුප් දීමනාවක් ලැබී ඇති බවත් එය ලබා ගැනීම සඳහා අවශ්‍ය ඉල්ලුම්පත් පුරවා ගැනීමට පැමිණි බවත් පවසති.

මින් සතුටට පත් අදාළ කාන්තාවන් ඉල්ලුම්පත් පිරවීමට අවශ්‍ය සහාය ලබා දෙන අතර මෙම මුදල ලබා ගැනීම සඳහා ඇපයක් වශයෙන්  මුදල් හෝ රන් භාණ්ඩ තැන්පත් කළ යුතු බවත් ඒ සදහා නිවසේ මුදල් හෝ යම් රන් භාණ්ඩයක් ඇත්නම් එය ලබාදෙන ලෙසත් මෙම වංචාකරුවෝ ඉල්ලා සිටිති.

එය හිඟ වැටුප් මුදල් ලබා ගන්නා අවස්ථාවේ නැවත ලබා දෙන බවද ඔවුහු පවසති.

තමන්ට ලැබීමට නියමිත මුදල  ගැන කල්පනා කරන වයෝවෘද්ධ කාන්තාවන් දෙවරක් නොසිතා නිවසේ  තිබෙන රන් ආභරණ ඔවුන්ට ලබාදෙන බවත් ඒ අනුව එම රන් ආභරණ හෝ මුදල් ලබා ගන්නා  මෙම වංචාකරුවන් මෙම කාන්තාවන්ට බැංකුවට පැමිණෙන ලෙස දන්වා එම ස්ථානයෙන් ක්ෂණිකව ඉවත්ව යන බවත් පොලිසිය කියයි.



අදහස් (0)

ගෙදරටම ඇවිත් රන්භාණ්ඩ කොල්ලකන ජාවාරමක් කටුගස්තොටින්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31497 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13824 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11063 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 152 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1067 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 298 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site