( ඩබි ඒ පියතිලක )
හිගුරක්ගොඩ ප‍්‍රාදේශිය ලේකම් බල ප‍්‍රදේශයේ මින්නේරිය වලස්මුල්ල ගම්මානයේ මාර්ගයක් ප‍්‍රතිසංස්කරණයේදි කොන්ත‍්‍රාත්කරු විසින් බොරඑ වෙනුවට පස් දමා ඇතැයි ගම්වාසීහු පවසති.
මේ නිසා මාර්ගය භාවිතා කළ නොහැකි වීමෙන් කොන්ත්‍රාත්කරු සහ තමන් අතර බහින් බස්වීමක් සිදුව ඇති බවත් මෙම ගැටළුව පොලිසියටත් ප‍්‍රාදේශිය ලේකම්වරියටත් පැමිණිලි කළ බවත් ඔවුහු පැවසූහ.
අදාළ මාර්ගය පැවති ආකාරයටම පැවතියේ නම් හොඳ බවත් බොරඑ වෙනුවට පස් දමා මාර්ගයේ යාමටවත් නොහැකි වී ඇති බවත් මෙය රටේ මුදල් විනාශ කරන අපරාධයක් බවත් ඔවුහු කීහ.
අදාළ කොන්ත්‍රාත්කරුගෙන් කළ විමසීමකදී පැවසුවේ අදාළ මාර්ගයට මඩ නොදැමූ බවත් දැමූ බොරඑ පසුගිය දිනවල පැවැති වැස්ස හේතුවෙන් මඩ වී ඇති බවත් ය.වර්ෂාව නතර වු සැණින් මාර්ගය හොඳට සකසන බවද ඔහු පැවසීය.
මේ සම්බන්ධයෙන් හිඟුරක්ගොඩ ප‍්‍රාදේශීය ලේකම් ආර්.එම්.ඩී පුෂ්ප කුමාරි මහත්මියගෙන් කළ විමසීමකදී මෙසේ පැවසීය.
“ඔය කියන පාර බලන්න මම ගියා. ඒ අවස්ථාවේ පාරේ යන්න තියා හිතන්නවත් බැරි තරමටම මඩ වෙලා.බොරඑ නෙවේ මඩගොඩක් පාරේ තිබුණේ.මම වහාම නිලධාරින්ට දැනුම් දුන්නා පාර යථාතත්වයට පත් කරන තුරු කොන්ත‍්‍රාත්කරුට මුදල් නොගෙවන ලෙස. ඒ අනුව මාර්ගය නිසි ලෙස සැකසිමෙන් පසු නැවැත මා එම ස්ථානයට ගොස් පරික්ෂා කිරිමෙන් පසු තමයි මුදල් ලබා දෙන්නේ “



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෆොටෝ එකනම පේනවා පාරේ තත්ත්වය .
මේක හදපු පාරක්ද කියල බැලුවේ...
අද රටට ලොකු හානියක් වෙලා රජයේ වගකිව යුතු නිලධාරීන් තමන්ගේ වගකීම අවබෝධ කර නොගෙන වේද කිරීම..ඉංජිනේරු මහත්වරුනි තාක්ෂණික නිලධාරීන් රටේ සංවර්ධන වෙනුවෙන් වෙන්කරන මුදල් වැරදි ලෙස ව්‍යප්පෘති වලට යෙදවීම ඔබගේ ප්‍රධාන වගකීමි..රටේ රණවිරුවන් ත්‍රස්තවාදයෙන් රට බේරගත්ත සේම මේ රට සංවර්දනය වෙනුවෙන් වෙන්කළ මුදලින් කොන්ත්‍රාත් කරුට අසීමිත ලාභ ලබා ගැනීමට නොහැකි වන ලෙසට ඇස්තමේන්තු සකසා අනුමත නොකරන්න ..රටේ බදු මුදලින් වැටුප් ලබන ඔබගේත් මගෙත් එකම වගකීම මේ රටේ මිනිස්සුන්ට සේවය කිරීම. ඒ අය වෙනුවෙන් ඔබගේ දැනුම හා කැපවීම රටවෙනුවෙන් යොදන්න රටට ණය නැති රජයේ සේවකයෙක් වෙන්න ...