(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන පරිපාලන නිලධාරි කාර්යාලය තුළදී විශ්‍රාමික ග්‍රාම නිලධාරිවරයකු බැන තර්ජනය කිරිම සම්බන්ධයෙන් ඔහු නවගත්තේගම පොලිසියට පැමිණිලි කර ඇත.
කිරිමැටියාව ග්‍රාම නිලධාරි වසම බාරව කටයුතු කරමින් සිටියදී විශ්‍රාම ලැබු ග්‍රාම නිලධාරිවරයා ඔහුගේ විශ්‍රාම වැටුප ප්‍රමාද විම සම්බන්ධව පහත ආකාරයෙන් බැන වැදී තර්ජනය කර පහර දිමට තැත් කළ බව පරිපාලන නිළධාරි එස්.ඩබ්ලිව්.එම්.පුංචිබණ්ඩාර මහතා නවගත්තේගම පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
නමුත් පරිපාලන නිලධාරි පුංචිබංඩාර මහතා පැවසුවේ මෙම ප්‍රමාදය තමාගේ වරදක් නොවන බවත් දිස්ත්‍රික් කාර්යාලයෙන් අදාළ කටයුතු සිදුවෙමින් පවතින බවත්ය.
නවගත්තේගම පොලිස්ථානාධිපති පොලිස් පරික්ෂක නවින් ඉන්ද්‍රජීත් මහතා පැවසුවේ අදාල සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර විශ්‍රාමික ග්‍රාම නිලධරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකනේ කියන්නේ අපේ පොලිස් නිලධාරීන්ට දැන් මොලේ නැහැ කියලා. ඔය අහිංසකයා අත්අඩංගුවට ගන්න නෙවේ තියෙන්නේ. දෙන්නම පොලිසියට ගෙන්නලා කරුණු විමසලා සාමදාන කරන්න. මාස ගානක් වැටුප් නැතිව මිනිහෙක් ජීවත් වෙන්නේ කොහොමද? එහෙම කෙනෙකුට තරහ එන එක අසාධාරණද?