(ජුඩ් සමන්ත)
ආණමඩුව මැතිවරණ කොට්ඨාසයේ තිබෙන වැව් අතරින් විශාලතම වැවක් වන “උස්වැව” වැවේ තැම්පත් වී ඇති රොන් මඩ වසර ගණනාවකින් ඉවත් නොකිරීම නිසා දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටින බව ධීවරයෝ පවසති.
අතීතයේදී “රකුසෙකු” විසින් මෙම වැව කරවා ඇති බවත් ඒ නිසා වැව මුලින් හඳුන්වා ඇත්තේ “රකුස්වැව” යනුවෙනි. එම වැව පසුව “කුස්වැව” වී ඇති අතර,ව්‍යවහාරයේදී පසු කලක උස්වැව වූ බව ගම්මුන් කියති.
වැසි ජලයෙන් පමණක් පෝෂණය වී ඇති උස්වැව වැවට කිසිදු ජල පෝෂකයක් තිබී නොමැත. නමුත් වැවට එකතු වන ජලයෙන් විශාල කුඹුරු ප්‍රමාණයක් අතීතයේ සිට අස්වද්දා ඇති බව පැරණි ගම්මු කියති.
ඒ අනුව වැව අවට ඇති වත්තේගෙදර,කුරටිහේන,දඹුව,වැල්පොතුවැව, මහඋස්වැව, මැරුංගොඩ ආදී ගම්මාන වල ජනතාව ගොවිතැන් කටයුතු සිදු කරගෙන යයි.
අක්කර 1500 ක විශාලත්වයක් ඇති මෙම වැව 1983 වර්ෂයේදී ඉගිනිමිටිය ව්‍යාපාරය හා එක්කර ඇත. එතැන් සිට වැවට අවශ්‍ය ජලය ලැබෙනුයේ ඉගිනිමිටිය ව්‍යාපාරයේ සිට කරන ලද ඇල මාර්ගයකිනි.
මේ වනවිට උස්වැව වැව පාදක කර ගනිමින් ධීවරයන් 45 දෙනෙකු රැකියා කටයුතු සිදු කරති. වැවේ ජලය තිබෙන කාලයට දිනකට රුපියල් 3000 ක පමණ මසුන් අල්ලා ගත හැකි වුවත්,මේ කාලයේදී දිනකට රුපියල් 200 - 300 ක් වටිනා මසුන් අල්ලා ගැනීමත් ගැටළුවක් බව ඔවුන් කියා සිටියි.
1847 වර්ෂයේදී පුද්ගලික ආයතනයක් විසින් වැව අවසන් වරට ප්‍රතිසංස්කරණය කර ඇති බවත් පසුව කිසිදු දිනක මෙම වැව නිසි ප්රතිසංස්කරණයක් සිදු කර නොමැති බව ධීවරයෝ කියති.
වසරකට වරක් වැවට වයඹ පළාත් ධීවර අමාත්‍යාංශය සහ ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය විසින් මිරිදිය මත්ස්‍ය පැටවුන් සහ ඉස්සන් මුදා හැරියත් වැවේ තිබෙන රොන් මඩ හේතුවෙන් නිසි අස්වැන්නක් ලබාගත නොහැකි බවද පවසති.
මෙයට හේතුව ලෙස පවතින අඩු ජලයේ රැදී නොසිටින මසුන් සහ ඉස්සන් වැව පිටාර ගලන විට එම ජලයද සමඟ වැවේන් පිටතට යන බැවිනි. මේ වන විට ඇතැම් ස්ථාන වල අඩි 13 ක් පමණ මඩ තට්ටු තැම්පත් වී තිබේ.
මෙම තත්ත්වය නිසා මත්ස්‍ය අස්වැන්න නෙලා ගැනීම සඳහා දැල් යෙදීම ගැටළුවක් වී ඇතත් නියං කාලයේදී කිසියම් ක්‍රමවේදයක් භාවිතා කර වැවේ තැම්පත් වී ඇති රොන් මඩ ඉවත් කරන්නේ නම් වැවට වැඩි ජලයක් එකතුවීම තුළින් වැඩි මත්ස්යය නිෂ්පාදනයක් මෙන්ම සාර්ථක ගොවිතැනක් කළ හැකි බවද ඔවුහු පෙන්වා දෙති.




2025 නොවැම්බර් මස 04
708
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2376
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1743
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
’’උස්වැවේ රොන් මඩ ඉවත් කර නෑ’’ ධීවරයෝ කියති