(ප‍්‍රදීප් කුමාර ධර්මරත්න)
දිප්පිටිය අම්බලකන්ද හරහා ගංතුන මාර්ගයේ ධාවනය කෙරෙන පෞද්ගලික බස් රථයකට අද (21) අලුයම කිසියම් පිරිසක් ගල් ප‍්‍රහාරයක් එල්ල කර ඇතැයි අරණායක පොලිසිය පවසයි.
නාරංගල මවුන්ට්කාමල් තේ කම්හල අසල පිහිටි බස් රථයේ හිමිකරුගේ නිවස ඉදිරිපිට නවතා තිබියදී මෙම ප්‍රහාරය එල්ල වී ඇතැයි ද පොලිසිය කියයි.
ඉන් බස් රථයේ ඉදිරිපස විදුරුවට හා ඉදිරිපස ප‍්‍රධාන ලාම්පුවලට අලාභහානි සිදුවී තිබේ.
බසයේ හිමිකරුට අයත් ටිපර් රථයකට ද පහර දී ඇතැයි පොලිසිය කියයි.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd