( කේ බුද්ධික කුමාරසිරි )
කඩුවෙල ප‍්‍රදේශයට ඉකුත් 2016 වර්ෂයේදී බලපෑ ගංවතුරින් විපතට පත් ජනතාවට මෙතෙක් නිසියාකාරව වන්දි ගෙවා නැතැයි කියමින් ප්‍රදේශවාසීහු පිරිසක් අද (15) කඩුවෙල වැලිවිට කුරුස කණුව මංසන්ධියේදී විරෝධතාවක් කළහ.
විරෝධතාකරුවන් පැවසූවේ එම ගංවතුරින් හානියට පත් කොලොන්නාව ප‍්‍රදේශයේ ජනතාවට නිසියාකාර වන්දි ලබා දීමටත් කඩුවෙල ජනතාවට එසේ නොකිරීමටත් බලධාරීන් කටයුතු කිරීම ගැන තමන් විරෝධය පළ කරන බවයි.
එකම දිනවලදී එකම අයුරින් ගංවතුරින් පීඩාවට පත් ජනතාවට මෙලෙස දෙයාකාරයකින් සැලකීම ගැන තම විරෝධතාව පළ කරන බවද ඔවුහු කීහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේගොල්ලන්ගේ ගෙවල් රක්ෂණය කර තිබුනානම් රක්ෂණ සමාගම් වලින් වන්දි ඉල්ලීම සාදාධාරණය. එහෙත් පහත බිම්වල ගෙවල් සාදාගෙන අවුරුද්දකට සැරයක් ගංවතුරෙන් යට උනාම වන්දි ඉල්ලීම අසාදාරනය.