(පාලිත ආරියවංශ)
බදුල්ල මහ රෝහලේ ජන්‍ය මුත්‍ර විශේෂඥ වෛද්‍යවරයාගේ සේවය නිසි පරිදි නොලැබීම නිසා මුත්‍රාශය ආශ්‍රිත රෝග සදහා විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට හා එම සැත්කම් වලට පොරොත්තු ලේඛනයේ සිටින රෝගීන් දැඩි අසීරුතාවට පත්ව තිබේ .
එම විශේෂඥ වෛද්‍යවරයා බදුල්ල මහ රෝහලට පැමිණෙන්නේ සතියට දිනක් පමණක් වීම මේ තත්ත්වයට බලපා ඇති බව රෝගීහු කියති .
අනෙක් දිනවල ඔහු කොළඹ පුද්ගලික රෝහලක මෙම සැත්කම් කරන බවද රෝගීහු චෝදනා කරති .
මුත්‍රාසයේ ගල්, මුත්‍රාසයේ පිළිකා වැනි සැත්කම්වලට බඳුන් විය යුතු රෝගීන්ට මේ නිසා මාස ගණනාවක් පොරොත්තු ලේඛනයේ සිටීමට සිදුව ඇති අතර එම කාලය තුළ ඇතැම් රෝගීන් මියගොස් ඇති බවද දැනගන්නට ඇත.
විශේෂඥ සායන හා ප්‍රතිකාර සඳහා දුර බැහැර සිට පැමිණෙන රෝගීන්ට විශේෂඥ වෛද්‍යවරයා නොමැතිකමින් අවස්ථා කිහිපයකදීම ආපසු හැරී යාමට සිදු වූ බව රෝගීහු කියති.
මේ සම්බන්ධයෙන් බදුල්ල මහ රෝහලේ අධ්‍යක්ෂවරයාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ මේ පිළිබඳව රෝගීන්ගේ මැසිවිලි නිතරම ඇසෙන බවත් ඇතමුන් ලිඛිතව මේ සම්බන්ධයෙන් තමාට දැනුම් දී ඇති බවත් ය.
ඒ අනුව මේ පිළිබදව සෞඛ්‍ය අමාත්‍යංශය දැනුවත් කළ බවද හෙතෙම කීය.
2025 නොවැම්බර් මස 04
708
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2376
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1743
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විශේෂඥ වෛද්‍යවරයා නොමැතිවීමෙන් රෝගීන් අපහසුතාවට
jayath Wednesday, 15 November 2017 09:40 AM
මේක පුදුම වැඩක් මෙය කොහොමද රජයේ හොස්පිටල් එකක වැඩ කරන ගමන් එහාට නොගිහින් පුද්ගලිකව සැත්කම් කරන්නේ ? 4 න් පස්සේ නම් ප්‍රශ්නයක් නැහැ කියමු නමුත් ?