(හේමලතා ඞී හේවගේ)
කුරුණෑගල මීගමුව ප‍්‍රධාන මාර්ගයේ යෝගියාන ආදාහනාගාරය අසලදී කොන්ක‍්‍රීට් මිශ‍්‍රණ බවුසරයක් හා කළු ගල් ප‍්‍රවාහනය කරනලද ටිපර් රථයක් මුහුනට මුහුනලා ගැටීමෙන් අද (20) අනතුරට පත්ව ඇති බව දංකොටුව පොලීසිය කියයි.
අනතුරට පත් ටිපර් රථය දිවුලපිටියේ සිට මාරවිල ප‍්‍රදේශයට කළු ගල් කැබලි රැගෙන යමින් සිටියදී දංකොටුව සිට පන්නල දෙසට ගමන් කල සිමෙන්ති කොන්ක‍්‍රීට් මිශ‍්‍රණ බවුසරය බස් රථයක් පසුකර යෑමට ගත් උත්සාහයේදී ඉදිරියෙන් පැමිණි ටිපර් රථයේ ගැටී ඇතිබව පොලීසිය පවසයි.
අනතුර සිදුවූ අවස්ථාවේ මාර්ගයේ විශාල රථ වාහන තදබදයක් ඇතිවූ බවත් අනතුරින් කිසිවකුටත් තුවාල සිදුව නොමැති බවත් පොලීසිය කියයි.
මෙම අනතුර සම්බන්ධයෙන් දංකොටුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු ලොකු අය හප්පුනාම තුවාල වෙනවා අඩුයි .. ලොකු අයයි පොඩි අයයි හප්පුනාම තමයි පොඩි එකාට තුවාල වැඩියෙන් වෙන්නේ ..
කොන්ක්‍රීට් මිශ්‍රණයට කළුගල් මදි වෙලාලු හැපිලා තියෙන්නේ.