(රොමේෂ් මධුෂංඛ)
වර්ෂාව හේතුවෙන් කිලිනොච්චියේ පච්චිලෙයිපල්ලි ප්‍රදේශයේ මාර්ග දැඩි සේ අබලන් වී ඇතැයි ද එම මාර්ග පිළිසකර කර දෙන්නැයි ද ඉල්ලා ප්‍රදේශවාසීහු පිරිසක් පච්චිලෙයිපල්ලි ලේකම් කාර්යාලය ඉදිරිපිටට දී අද (14 ) විරෝධතාවක නිරත වූහ.
මීට මාස හයකට ඉහතදී මෙම මාර්ග අලුත්වැඩියා කර දෙන මෙන් ඉල්ලමින් තමන් විරෝධතාවක් කළ අවස්ථාවේදී මසක් ඇතුළත මාර්ග අලුත්වැඩියා කර දීමට පච්චිලෙයිපල්ලි ප්‍රාදේශීය ලේකම්වරයා එකඟ වූවත් මේ දක්වා එකම මාර්ගයක් හෝ අලුත්වැඩියා කර නැතැයි විරෝධතාකරුවෝ කීහ.
තමන්ට ස්ථිරසාර විසඳුමක් බලධාරීන්ගෙන් ලැබෙනතුරු විරෝධතාව ඉදිරියටත් කරන බවට ඔවුහු පැවසූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd