(තෙබුවන ඩී.නයනදුල සෙන්දනායක)
බුලත්සිංහල ප්‍රදේශයේ කටු පොල් වගා කිරීම නවතා දෙන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීහු අද හල්වතුර මංසන්ධියේ සිට උද්ඝෝෂණයක නිරත වූහ.
මෙම උද්ඝෝෂණය සදහා හල්වතුර, ඌරුගල, බෝතලේගම,බොතලේගංගොඩ , යටකන්ද,නවෝද්‍යාගම උදාකල ගම්මානය ඇතුළු ගම්මාන රැසක ජීවත්වන 200 කට අධික පිරිසක් සහභාගී වූහ. පිරිස හල්වතුර මංසන්ධියේ බුලත්සිංහල ඉංගිරිය ප්‍රධාන මාර්ගයේ එක්මංතීරුවක් අවහිර කරමින් පැයක පමණ කාලයක් උද්ඝෝෂණයේ නිරත වූහ.
කටුපොල් වගාව හේතුවෙන් පරිසරයට විශාල හානියක් සිදුවන බවත් ජල මුලාශ්‍ර විනාශ වී යාමේ අවදානමක් පවතින බවත් ඒ හේතුවෙන් රජයේ මැදිහත් වීමෙන් කටුපොල් වගාව නවතා දමන ලෙස ඉල්ලා පිරිස උද්ඝෝෂණයේ නිරත වු අතර උද්ඝෝෂණය අතරතුර එම ස්ථානයට පැමිණි බුලත්සිංහල ප්‍රාදේශිය ලේකම් වරයා පිරිසට ලබන සඳුදා මේ සම්බන්ධයෙන් හල්වතුර වත්තේ පාලන අධිකාරිය බුලත්සිංහල ප්‍රාදේශිය ලේකම් ඇතුළු වගකිවයුතු අංශ සමග සාකච්ඡා කිරීම සදහා අවස්ථාවක් ලබා දෙන බව පැවසීය. එම සාකච්ඡාව අසාර්ථක වුවහොත් හල්වතුර මන්සන්ධියේ නැවත දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් සහ මාරාන්තික උපවාසයක් කරන බව පවසමින් පිරිස සාමකාමීව විසිර ගිය ගියහ.
ප්‍රදේශයේ ආරක්ෂාව සදහා බුලත්සිංහල පොලිසියේ නිලධාරීන් යොදවා තිබිනි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කටුපොල් වගාව නවත්වන්න‘ යි උද්ඝෝෂණ
himal Saturday, 18 November 2017 09:29 AM
මේ කියන පාම් ගස් වගා කරාම ජල මූලාශ්‍ර සිඳී යන බවට තියෙන විද්‍යාත්මක තහවුරුව මොකක්ද? පේන විදිහට නම් මෙතන තියෙන්නේ ප්‍රාදේශීය දේශපාලන ගැටළුවක්.