වගවත්ත කසළ අංගනයේ ගින්නක් හොරණ ප්‍රාදේශීය සභාවට අයත් වගවත්ත කසළ අංගනයේ ඊයේ රාත්‍රියේ ඇති වූ ගින්න අද අලුයම තෙක් පැවතී අතර එයට දැඩි හානි සිදු වී ඇතැයි හොරණ පොලිසිය කියයි. 03 May 2020
ආදායම් අහිමිවිමෙන් දකුණු පළාත් සභාව මුදල් අර්බුදයක ඇඳිරි නීතිය පැනවිමත් සමග ආදායම් මාර්ග අහිමිවිම නිසා දකුණු පළාත් සභාව උග්‍ර මුල්‍ය අර්බුදයකට මුහුණපා ඇති අතර මැයි මාසයේ වැටුප් ගෙවිමේද ගැටළු මතුව ඇතැයි පැවසේ. 03 May 2020
කොරෝනා මැද රත්නපුරේ මී උණ හිස ඔසවයි රටපුරා කොරෝනා රෝගය ව්‍යප්ත වෙද්දී රත්නපුර දිස්ත්‍රික්කයේ මීඋණ රෝගය පැතිරයාමේ දැඩි අවදානමක් මතුව ඇති බව රත්නපුර දිස්ත්‍රික් වසංගත රෝග මර්දන ඒකකය අනතුරු අගවයි. 03 May 2020
අක්මීමණ පුද්ගයින් 33ක් නිරෝධායනයට වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරනු ලබන ගාල්ලෙන් හමුවූ කොරෝනා ආසාදිතයා සමීපව ඇසුරු කළ තම පොලිස් බල ප්‍රදේශයේ පවුල් නමයක 9ක පුද්ගලයින් 33 දෙදෙනෙක් අද (03) වන විට ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බව අක්මීමණ පොලීසිය කියයි. 03 May 2020
බදුල්ල මහරෝහලේ වෛද්‍යවරුන්ට යැයි පවසා මුදල් වංචා කරලා කොරෝනා උවදුර දුරු කිරීම සදහා කැපවී කටයුතු කරන බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරුන්ගේ අවශ්‍යතාවයන් සදහා යැයි හගවමින් වංචා සහගත ලෙස මුදල් රැස්කළ සංවිධානත්මක කණ්ඩායමක් සොයා බදුල්ල පොලිසිය පරික්ෂණයක් ආරම්භ කරතිබේ . 03 May 2020
ඇබොස්ලි වතු යායේ ඇති වූ ගින්නකින් වතු නිවාස 10 ක පිරිස් තාවකාලික නැවතුමකට හැටන් පොලිස් වසමට අයත් ඇබොස්ලි වතුයායේ වතු නිවාස පේලියක හටගත් ගින්නෙන් එම වතු නිවාස පේලියේ ගිනිගෙන විනාශ වි වතු නිවාස 10 ක පවුල් 14 කට අයත් සමාජිකයන් 36 දෙනෙකු සෞඛ්‍යය ආරක්ෂක ක්‍රමවේදයට අනුව එම වතු යායේ හින්දු කොවිලේඋත්සව ශාලාවේ තාවකාලිකව නතර කිරිමට පියවර ගත් බව හැටන් මුලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ජි.එස්.පලිපහන මහතා පැවසිය. 03 May 2020
මදුරන්කුලියේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරු රඳවා ප්‍රශ්න කිරීමට අවසර හෙරෝයින් සහ අයිස් මත් කුඩු තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මේ මස 07 වැනිදා දක්වා රදවා ගෙන ප්‍රශ්න කිරීමට පුත්තලම අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් ලහිරු නිර්මාල් ද සිල්වා මහතා මුන්දලම පොලීසිය අවසර ලබා දී ඇත. 03 May 2020
නාන අයුරු වීඩීයෝ කළ සැකකරු අත්අඩංගුවට ඉමදුව හව්පේ නිවසක නාන කාමරයක ස්නානය කරමින් සිටි කාන්තාවක් දෙසට එහි තිබූ කව්ළුවකින් පිටතින් ජංගම දුරකතනයක් යොමුකර වීඩියෝ ගත කිරීමක් සම්බන්ධයෙන් සැකපිට 42 හැවිරිදි පුද්ගලයෙක් අත් අඩංගුවට ගත් බව ඉමදුව පොලීසිය කියයි. 03 May 2020
බූරූ ගැසූ කාන්තාවන් තිදෙනකු ඇතුළු 6ක් අත්අඩංගුවට තෙලිකඩ මාවඩවිල ප්‍රදේශයේ නිවසක් අසල පවත්වාගෙන ගිය බුරුවා පිටියක් වටලා කාන්තාවන් තිදෙනෙකු ඇතුළු 06 දෙනෙකු අත්අඩංගුවට ගත්බැව් තෙලිකඩ පොලිසිය පවසයි. 03 May 2020
හැටන්, ඇබෝස්ලි තේ වතුයායේ වතු නිවාස පෙළක ගින්නක් හැටන්, ඇබෝස්ලි තේ වතුයායේ වතු නිවාස පේළියක අද (02) රාත්‍රී 07.00 ට පමණ ඇති වූ හදිසි ගින්නකින් නිවාස 14 ක් ගින්නෙන් දැවී විනාශයට පත්ව ඇති බව හැටන් පොලීසිය පවසයි. 02 May 2020
පාලු නිවසක සගවා තිබු රජයේ සහනාධාර පොහොර මිටි තොගයක් හමුවෙයි පුත්තලම සාලියවැව දංගස්වැව ප්‍රදේශයේ පාලු නිවසක රජයේ සහනාධාර පොහොර මිටි පනහක් සඟවා තිබියදී අද (2) සවස ප්‍රදේශවාසින් දැක සාලියවැව පොලීසිය දැනුවත් කර ඇත. 02 May 2020
හබරාදුව නිල සෙවන නව නිරෝධායන මධ්‍යස්ථානයේ 64ක් නිරෝධායනයට හබරාදුව නිල සෙවන නිවාස සංකීර්ණයේ පිහිටුවනු ලැබූ නව නිරෝධානය මධ්‍යස්ථානයේ අද (02) වන විට පිරිමි පුද්ගලයින් 27 ක් සහ ගැහැණු අය 37 ක් ලෙස 64 දෙදෙනෙක් නිරෝධායනයට ලක්කර ඇති බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය පමොද් සිරිවර්ධන මහතා පවසයි. 02 May 2020
මත්පැන් බෝතල් 600ක් සමග පුද්ගලයකු අත්අඩංගුවට මීගොඩ නුගේගොඩ ස්ටැන්ලි තිලකරත්න මාවතේ දෙමහල් නිවසක රහසිගතව පවත්වාගෙන ගිය මහා පරිමාණ රජයේ මත්පැන් විකුණන ස්ථානයක් වටලා රුපියල් ලක්ෂ 21 පමණ වටිනා මත්පැන් බෝතල් 600 ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි. 02 May 2020
නවනැලිය සෙබළා ඇසුරු කළ පවුල් 12 ක් නිරෝධායනයට අද දින (2) මහනුවර නවනැලිය බැමිය ප්‍රදේශයේ පදිංචි නාවික හමුදා සෙබළෙකුටද කොවීඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග ඔහු සමග ලගින්ම ඇසුරු කළ පවුල් (12) සාමාජිකයින් ඔවුන්ගේ නිවෙස් තුළම අද (2) සිට නිරෝධායනයට ලක්කිරීමට ගලහ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරින් හා ගලහ පොලීසියේ නිලධාරින් කටුයුතු යොදා ඇත. 02 May 2020
අපිරිසිදු ලෙස ආපනශාලාවක් පවත්වාගෙන ගියේ යැයි නීතිමය පියවර ඇදිරිනීති බලපත්‍ර ද උල්ලංඝනය කරමින් ඉතා අපිරිසිදු ආහාර පාන ජනතාවට අලෙවි කරමින් තිබූ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට හෝටලයක් පරීක්ෂාකර වසා දැමීමට දඹුල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය අද ( 02 ) පියවර ගත්තේය. 02 May 2020
වසා දැමුණු නිකවැරටිය ඇලවක මාර්ගය විවෘත කරයි නිකවැරටිය, ඇලවක , බලල්ල ප්‍රධාන මාර්ගයේ ,වාසිවැව සහ දාවුල්ලෑගොඩ යන ප්‍රදේශ වලින් කොරෝනා වෛරස් ආසාදිතයන් දෙදෙනෙක් වාර්ථා වීමෙන් වසා දැමුණු එම මාර්ගය අද (2) යලි ගමනාගමනයට විවෘත කල බව පොලීසිය පවසයි. 02 May 2020
නිකවැරටිය ආසාදිත කාන්තාව විසූ පෙදෙසෙහිදී මිය ගිය පුද්ගලයාගේ මරණය හෘදයාබාධයක් නිකවැරටිය වාසිවැව ප්‍රදේශයේ කොරෝනා වෛරස් ආසාධිත කාන්තාව වෙසෙන ප්‍රදේශයේ දී ,හදිසියේ නිවස තුලම මියගොස් සිටි පුද්ගලයාගේ මරණය හදිසි හෘදයාබාධයකින් සිදු වූවක් බවට අද (02) නිකවැරටිය රෝහලේදෘී පැවති හදිසි මරණ පරීක්ෂනයේදී අනාවරණය වූ බව පොලීසිය සඳහන් කරයි. 02 May 2020
කුකුල් මස් අපද්‍රව්‍ය වළ දැමීමට පැමිණි පුද්ගලයන්ට ගම්වාසීන්ගෙන් විරෝධය අත්‍යවශ්‍ය ලේබලයක් ප්‍රදර්ශනය කරමින් කල් ඉකුත් වූ අවසර ලිපියක් යොදාගෙන කුකුල් මස් අපද්‍රව්‍ය වළ දැමීමට ඉංගිරිය පෝරුවදන්ඩ මැද ගේට්ටුව පාර වත්තකට ලොරි රථයෙන් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකුට ගම්වාසීහු අද (2) විරෝධය දැක්වවුහ. 02 May 2020
ව්‍යාජ නෝට්ටු 52ක් සමඟ දෙදෙනකු අත්අඩංගුවට ව්‍යාජ මුදල් නෝට්ටු 52ක් සමඟ සැකකරුවන් දෙදෙනකු අද (2) අත්අඩංගුවට ගත් බව සූරියවැව පොලිසිය කියයි. 02 May 2020
ඇඳිරියේ මුදල් ඔට්ටුවට බුරුවා ගැසු 8ක් අත්අඩංගුවට ඇඳිරිනීතිය පනවා තිබෙන අද (02) දා මුදල් ඔටිටුවට තබා බුරැවා ගැසු අටදෙනෙකු අත්අඩංගුවට ගත් බව බලන්ගොඩ පොලිසියේ අපරාධ අංශය පවසයි. 02 May 2020
නිරෝධායන නීති රීති උල්ලංඝනය කළ සැරයන්ගේ වැඩ තහනම් පොලිස් සේවයට කැළලක් ඇතිවන අයුරින් අපකිර්තිදායක ලෙස හැසිරි නිරෝධායන කටයුතුද උල්ලංඝණය කරමින් රාජකාරිය පැහැර හරින ලද මාතර පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකුගේ සේවය ඊයේ(01)සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබේ. 02 May 2020
කුඩාවැල්ල ධීවර වරායෙන් රැකියාවට ගිය ධීවරයකු අතුරුදන් කුඩාවැල්ල ධීවර වරායෙන් ධීවර රැකියාව සඳහා පිටත්ව ගිය ධීවරයකු අතුරුදන් වී ඇති බවට අද(2) පැමිණිල්ලක් ලැබී ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි. 02 May 2020
හෙරොයින් ප්‍රවාහනය කළ තිදෙනෙක් අත්අඩංගුවට යතුරු පැදියකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටී පුද්ගලයින් තිදෙනකු පුත්තලම කොට්ඨාස දූෂන මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් අද (02) අත්අඩංගුවට ගෙන ඇත. 02 May 2020
ඇල්පිටිය සමූපකාර ඉන්ධන පිරවුම්හලේ වර්ජනය අවසන් ඇල්පිටිය විවිධ සේවා සමූපකාර සංගමයට අයත් ඇල්පිටිය ඉන්ධන පිරවුම් හලේ සේවකයන් ගේ ඉල්ලිමට ප්‍රතිචාර දක්වමින් මෙම සදුදා ඔවුන්ගේ ඉල්ලිම ඉටු කර දෙන බවට සංගමයේ සාමන්යාධිකාරිවරිය එම සේවකයන්ට පොරොන්දු වීම නිසා අද උදෑසන සිට ඔවුන් යළිත් පුරුදු පරිදි සේවය ආරම්භ කළ බව එම සේවකයෝ පවසති . 02 May 2020
මත්කුඩු - මත්පෙති අලෙවි කළ තිදෙනෙක් අත්අඩංගුවට ආරච්චිකට්ටුව බංගදෙනිය ප්‍රදේශයේ ත්‍රීරෝද රථයකින් හෙරොයින් සහ මත්පෙති අලවි කළ පුද්ගලයින් තිදෙනෙකු අද (01) සවස අත්අඩංගුවට ගත්බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි. 02 May 2020
නාවික සෙබළාගේ සොහොයුරියක වන පවුල් සෞඛ්‍ය සේවිකාවට කොරෝනා නෑ හොරොව්පොතාන තිරප්පන්කඩවල ප්‍රදේශයෙන් හඳුනාගත් කොරෝනා ආසාදිත නාවික සෙබළාගේ සොහොයුරියක වන පවුල් සෞඛ්‍ය සේවිකාවගේ සිදුකළ පී.සී.අර්. පරීක්ෂණයෙන් ඇයට කොරෝනා ආසාදනය වී නොමැති බවට මීට සුළු මොහොතකට ඉහතදී තහවුරු කරගත් බව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි. 01 May 2020
මත්පැන් වැටලීමකට ගිය පොලිසියට වෙඩි තැබු පුද්ගලයකු අත්අඩංගුවට දන්කොටුව පොලිස් වසමේ මැටිකොටුව ප්‍රදේශයේදි නිතිවිරෝධි මත්පැන් තොගයක් වැටලිමට ගිය පොලිස් නිළදාරින් දෙසට වෙඩි තැබු පුද්ගලයකු අද(01) සවස අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය කියයි. 01 May 2020
නාවික භටයකුට අකුණු සැර වැදී මරුට කැබිතිගොල්ලෑව වාහල්කඩ D-4 ප්‍රදේශයේ කුඹුරක සීසාමින් සිටි නාවික භටයයකු අකුණුසැර වැදීමකින් අද (01)සවස එම ස්ථානයේම මියගොස් ඇතැයි පොලිසිය කියයි. 01 May 2020
පාරිභෝජනයට නුසුදුසු බී ලූනූ කිලෝ 400 ක් සමඟ අයෙක් අත්අඩංගුවට මිනිස් පරිභෝජනයට නුසුදුසු බී ලූනු කිලෝ 400 ක් සමග ජංගම වෙළදාමේ යෙදෙන පුද්ගලයෙක් අද (1) සැකපිට අත්අඩංගුවට ගත් බව හපුතලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි. 01 May 2020
පුත්තලම ලුණු ලේවායේ තිබූ අත්බොම්බයක් පුපුරුවා දමයි පුත්තලම පරණ මන්නාරම් මාර්ගයේ සෙව්වන්තිව් ලුණු ලේවායේ අතහැර දමා තිබූ පොල් අතු මඩුවක තිබූ ජීව අත් බෝම්බයක් පුපුරුවා හැරීමට විශේෂ කාර්ය බලකායේ නිළධාරින් කටයතු කළේය. 01 May 2020
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025