(රංජිත් රාජපක්ෂ සහ ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
හැටන්, ඇබෝස්ලි තේ වතුයායේ වතු නිවාස පේළියක අද (02) රාත්‍රී 07.00 ට පමණ ඇති වූ හදිසි ගින්නකින් නිවාස 14 ක් ගින්නෙන් දැවී විනාශයට පත්ව ඇති බව හැටන් පොලීසිය පවසයි.
ගින්නට හසුවූ වතු නිවාස වලින් නිවාස 09 ක් සම්පූර්ණයෙන් විනාශයට පත්ව තිබේ. අනෙක් නිවාස වලට අර්ධ හානි සිදුව ඇත.
ගින්නට හසුවූ වතු නිවාස වල පදිංචි පවුල් 14 ක සාමාජිකයින් 50 දෙනෙක් අවතැන්ව සිටින බව පොලීසිය පවසයි.
අවතැන් වූවන් දැනට තාවකාලිකව ඇබෝසිලි තේ වතුයායේ උත්සව ශාලාවක ලැගුම් ගෙන සිටිති. ඔවුන්ට අවශ්‍ය ආහාර අඹගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ආපදා අංශයෙන් හා වතු පාලනාධිකාරියෙන් ලබා දීමට කටයුතු සලසා ඇත.
මෙහිදී කිසිදු ජීවිත හානියන් සිදුව නොමැති අතර හැටන් දික්ඔය නගර සභාවේ ගිනි නිවන රථය පැමිණ ගින්න පැතිර යාම වළක්වමින්, හැටන් පොලීසියේ නිලධාරීන් හා වතු කම්කරුවන්ගේද සහාය ඇතිව ගින්න නිවා දමා ඇත.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර හැටන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd