ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා
හබරාදුව නිල සෙවන නිවාස සංකීර්ණයේ පිහිටුවනු ලැබූ නව නිරෝධානය මධ්‍යස්ථානයේ අද (02) වන විට පිරිමි පුද්ගලයින් 27 ක් සහ ගැහැණු අය 37 ක් ලෙස 64 දෙදෙනෙක් නිරෝධායනයට ලක්කර ඇති බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය පමොද් සිරිවර්ධන මහතා පවසයි.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා වැඩිදුරටත් පැවසූවේ මෙම පිරිස බස්නාහිර පලාතෙන් හමුවූ ආසාදිතයන් ඉතාමත් සමීපව ඇසුරුකල අය බවයි.
මෙම පිරිසේ සියල්ලක්ම ඉදිරියේදී කොවිඩ් 19 ආසාදිතයන් දැයි සොයා බැලීම සඳහා පීසීආර් පරික්ෂණයන්ට ලක්කිරීමට කටයුතු කරන බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය පමෝද් සිරිවර්ධන මහතා කීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.