රෝවන් පෙරේරා
පුත්තලම සාලියවැව දංගස්වැව ප්‍රදේශයේ පාලු නිවසක රජයේ සහනාධාර පොහොර මිටි පනහක් සඟවා තිබියදී අද (2) සවස ප්‍රදේශවාසින් දැක සාලියවැව පොලීසිය දැනුවත් කර ඇත.
හිමිකරුවෙකු නොමැතිව සගවා තබා ඇති මෙම පොහොර තොගය අද රාත්‍රියේදී හොර රහසේ රැගෙන යාමට සූදානමක් ඇති බවට ප්‍රදේශවාසින්ට තොරතුරු ලැබී ඇත.
සාලියවැව පොලීසියේ ස්ථානාධීපති ප්‍රධාන පොලිස් පරික්ෂක කේ ජී ප්‍රියදර්ශන මහතා පැවසුවේ මෙම පොහොර තොගය රැගෙන යාමට ඉඩ නොදී එම ස්ථානයට පොලිස් ආරක්ෂාව යෙදවීමට කටයුතු කරන බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd