(පාලිත නානායක්කාර )
මිනිස් පරිභෝජනයට නුසුදුසු බී ලූනු කිලෝ 400 ක් සමග ජංගම වෙළදාමේ යෙදෙන පුද්ගලයෙක් අද (1) සැකපිට අත්අඩංගුවට ගත් බව හපුතලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.
ලොරියක පටවා තිබූ මෙම බීලූනු තොගය හපුතලේ නගරයට නුදුරු ස්ථානයක දී අත් අඩංගුවට ගත් බවත් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී බී ලූණු තොගය බෙහෙවින් නරක් වී තිබු බවත් හපුතලේ වතු ආශ්‍රිත ප්‍රදේශ වලට බෙදා හැරීම සඳහා මේවා ගබඩා කර තිබූ බවත් හපුතලේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්. සුදර්ශන් මහතා පැවසීය.
සැකකරු බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd