පොද්දල නාවික සෙබළා ඇසුරු කළ 7 කට කොරෝනා නෑ වැලිසර නාවික හමුදා කඳවුරේ දී කොරෝනා වයිරසය ආසාදනය වූ පොද්දල නරාවල ප්‍රදේශයේ පදිංචි නාවික සෙබලා සමඟ සමීප සම්බන්ධතා පැවැත්වු පුද්ගලයින් 07 දෙනෙකුගෙන් පී. සී.ආර්. පරික්ෂණ සඳහා ජෛව සාම්පල් ලබාගත් බවත් අද (07) දින නිකුත් වූ එම පරීක්ෂණ වාර්තාවලට අනුව ඉන් කිසිඳු අයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වි නොමැති බවට තහවුරුවි ඇති බව බෝපේ පොද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ලසන්ත ඔබේසේකර මහතා පවසයි. 07 May 2020
පොලිස් සැරයන් හැප්පූ කොස්තාපල් රිමාන්ඩ් ජීප් රථයකින් මීගොඩ පොලිසියට පැමිණි පාදුක්ක පොලිසියේ පොලිස් කොස්තාපල්වරයෙකු , මීගොඩ පොලිසියේ සැරයන්වරයෙකු හප්පා පලා යාමේදී දැඩි පරිශ්‍රමයක් දරා කොස්තාපල්වරයා අත්අඩංගුවට ගත්බව මීගොඩ පොලිසිය පැවසීය. 07 May 2020
බලන්ගොඩ නාවික සෙබළාගේ පවුලේ පිරිසට කොරෝනා නෑ බලන්ගොඩ නෙල්ලිවල ප්‍රදේශයේ නාවික සෙබළාගේ බිරිඳ , දරුවා ඇතුලු පවුලේ ඥාතීන් 07 දෙනාට කොරෝනා වයිරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇත. 07 May 2020
මත්පැන් තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට වෙසක් සතියේ මහජනතාවට අලෙවි කිරීම සඳහා සූදානම්කර තිබූ මත්පැන් මිලි ලීටර් 44,250 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පොලොන්නරුව,ජයන්තිපුර,තඹලවැව ඉස්මත්තේදී අද (07) අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව පොලිසිය කියයි. 07 May 2020
බීමත් පුද්ගලයින් දෙදෙනෙකු අතර ගැටුමකින් අයෙක් මරුට බිමත්ව පුද්ගලයින් දෙදෙනෙක් අතර ඇති වු ගැටමකින් එක් අයෙකු ජිවිතක්ෂයට පත් වි ඇති බව බලංගොඩ පින්නවල පොලිසිය පැවසිය. 07 May 2020
මහර බන්ධනාගාර නිලධාරීහු දෙදෙනා සුවය ලබා පිටව යති මහර බන්ධනාගාරයෙන් රැදවියන් පිරිසක් පැනයාම වැළැක්වීමේ දී තුවාල ලැබ රෝහල් ගත කළ මහර බන්ධනාගාර නිළධාරින් දෙදෙනා ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇතැයි මහර බන්ධනාගාරය සඳහන් කරයි. 07 May 2020
බෝර 12 ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු අත් අඩංගුවට බෝර 12 ගිනි අවියක් සහ උන්ඩ 04 ක් තම සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් දෙදෙනෙක් බෝගහගොඩ බැද්දෙගෙදරදී අත් අඩංගුවට ගත් බව අක්මීමණ විශේෂ බලකා කඳවුර කියයි. 07 May 2020
බලන්ගොඩ මාරතැන්නේදි පුද්ගලයකු ඝාතනය කරලා බලන්ගොඩ මාරතැන්න ප්‍රදේශයේ දි පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර දමා ඇතැයි පින්නවල පොලිසිය අද (07) පැවැසිය. 07 May 2020
තියුණු ආයුධයකින් කපා පුද්ගලයෙකු ඝාතනය කරයි කරන්දෙනිය දිවියගහවෙලදී අද (6) සවස තියුණු ආයුධයකින් කපාකොටා පුද්ගලයකු ඝාතනය කොට ඇතැයි කරන්දෙනිය පොලිසිය කියයි. 06 May 2020
බ්ලැක්පූල්’ පිහිනුම් තටාකයට වැටි සිසුවෙක් මරුට බදුල්ල ස්ප්‍රීන්වැලි තේ වත්ත මැද පිහිටි බ්ලැක්පූල් නැමැති ස්වාභාවික පිහිනුම් තටාකයේ ගිලී අද(06) සවස පාසල් ශිෂ්‍යයෙක් මියගොස් ඇත. 06 May 2020
සූරියවැව පවුල් 300 කට කීල්ස් වෙතින් අත්‍යවශ්‍ය භාණ්ඩ පාර්සල් සූරියවැව ප්‍රදේශයේ හුදෙකලා කර ඇති ගම්බද ප්‍රදේශ වල පවුල් 300කට පමණ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීමේ වැඩසටහනක් කීල්ස් ආයතනය පසුගිය 2 වැනිදා සංවිධානය කර තිබිණි. 06 May 2020
බලපත් නොමැතිව මාදුරුඔය වනෝද්‍යානයට ඇතුළු වූ 6 දෙනකුට දඩ බලපත්‍රයක් නොමැතිව මාදුරුඔය ජාතික වනෝද්‍යානයට ඇතුලූවී එහි වඳුරුමුල්ල ප්‍රදේශයේ නීති විරෝධි ලෙස රැඳී සිටි පුද්ගලයින් 06 දෙනෙකු චෝදනාවලට වරද පිළිගැනීමෙන් පසුව එක් අයෙකුට රුපියල් 15,000 බැගින් රුපියල් 90,000ක දඩයක් ගෙවන ලෙසට දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය අද(06) නියෝග කළාය. 06 May 2020
කුඹුක්කන්ආරුව ඔයේ තිබී මළ සිරුරක් හමුවෙයි පොලොන්නරුව, තඹාල ප්‍රදේශයේ පිහිටි කුඹුරු යාය හරහා ගලා බසින කුඹුක්කන්ආරුව ඔයේ තිබී පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (06) හමු වූ බව පුලස්තිපුර පොලිසිය කියයි. 06 May 2020
ලක්ෂ 22 ක රන් භාණ්ඩ - මුදල් ගත් සොරා අත්අඩංගුවට අගුරුවාතොට පින්නකොළ හේන ප්‍රදේශයේ නිවාස දෙකකට රාත්‍රි කාලයේදී ඇතුළු වී රුපියල් ලක්ෂ 22 කට අධික වටිනා රන් භාණ්ඩ හා මුදල් සොරා ගත් පුද්ගලයෙකු අද 06 අත්අඩංගුවට ගත් බව අගුරුවාතොට පොලිසිය කියයි . 06 May 2020
වැඩිහිටි දීමනාව ලබා ගැනීමට පැමිණි පිරිස අදත් හරවා යවති ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් මාසිකව ලබාදෙන රුපියල් 2000 දීමනාව ලබා ගැනීමට හැටන් තැපැල් කාර්යාලයට පැමිණි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අද (06) ආපසු හරවා යැවීමට හැටන් තැපැල් කාර්යාලයේ නිලධාරීහු කටයුතු කළහ. 06 May 2020
හිතුමතේ අධිවේදනා නාශක ඖෂධ අලෙවි කළ ඔසුසල්හිමියකු අත්අඩංගුවට මත් ලෝලීන් සදහා අධි වේදනා නාශක ඖෂධ වර්ගයක් අධික මිල ගණන් යටතේ අලෙවි කළ බව කියන ඔසුසල් හිමියෙකු ගම්පහ පොලිස් දුෂණ මර්ධන අංශය මගින් අත් අඩංගුවට ගෙන ඇත. 06 May 2020
ඇඳිරිය වේලාවේ රක්ෂිතයේ මැණික් ගැරූ අයෙකුට දඩ බලන්ගොඩ රජවක රක්ෂිතයේ පියන්ගිරිය කොටසේ ඇඳිරිනීතිය ක්‍රියාත්මක කෙරෙන කාලයේ අනවසරයෙන් පතල් කපා මැණික් ගැරූ පුද්ගලයෙකුට රුපියල් 45000 දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරැවන් දිසානායක මහතා අද (06) දා නියෝග කලේය. 06 May 2020
කොටවෙහෙර ආසාදිත සෙබළා ඇසුරු කළ පවුල් තුනක් නිරෝධායනයට කොටවෙහෙර නුගන්නෝරුව ප්‍රදේශයට නිවාඩු ලබා පැමිණි ආසාදිත වැලිසර නාවික සෙබලාගේ පවුල සහ ඇසුරු කල තවත් පවුල් තුනක් නිරෝධායනයට ලක්කල බව කොටවෙහෙර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි . 06 May 2020
බෙලිඅත්ත ආයුර්වේද රෝහල තාවකාලිකව වසා දමයි බෙලිඅත්ත ආයුර්වේද රෝහලේ සේවකයන් දෙදෙනකු කොරෝනා ආසාදිත බවට හඳුනාගත් අයකු ආශ්‍රය කළ බවට හඳුනාගැනීම හේතුවෙන් එම රෝහල තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව බෙලිඅත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අනුර ජයසේකර මහතා කියයි. 06 May 2020
රස්නායකපුර පවුල් 14ක පුද්ගලයන් 62 ක් නිරෝධායනයට රස්නායකපුර ප්‍රදේශයෙන් වාර්තා වූ වැලිසර නාවික සෙබල ආසාධිතයා සමීපව ඇසුරු කල පවුල් 14ක.පුද්ගලයන් 62 ක් නිරෝධායනයට ලක් කල බව රස්නායකපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අද (06 ) පැවසීය . 06 May 2020
ඝාතකයා වසරකට පසු සැකපිට අත්අඩංගුවට ඇල්පිටිය තල්ගස්පේ මානාන ප්‍රජා ශාලාව අසලදි මීට වසරකට පෙර පහරදීමකින් අභිරහස් ලෙස ඝාතනය කරන ලදැයි කියන මුස්ලිම් ජාතික එක් දරු පියෙකුගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු අද (6 ) අලුයම් කාලයේදී ඇල්පිටිය කන්දෙවත්ත ,කැටන්දොල ප්‍රදේශයේ සැගව සිටියදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවටගත් බව ඇල්පිටිය නොවිසුදුනු අපරාධ විමර්ශන ඒකකය කියයි. 06 May 2020
ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට නෙළුව වාරුකන්දෙණිය ප්‍රදේශයේදී ගිනි අවියක් සමග පුද්ගලයෙකු අඩංගුවට ගත් බව නෙළුව පොලිසිය පවසයි. 06 May 2020
හෙරොයින් සමඟ අයෙක් අත්අඩංගුවට ජාවාරම් කිරිම සඳහා රැගෙන යමින් සිටි හෙරොයින් මිලි ග්‍රෑම් 2225ක් සමග සැකකරුවෙක් අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි. 06 May 2020
හබරාදුව නිරෝධායනය මධ්‍යස්ථානයේ 96ක් නිරෝධායනයට හබරාදුව නිල සෙවන නිවාස සංකීර්ණය තුල පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයේ අද (05) වන විට පුද්ගලයින් 96 දෙදෙනෙක් නිරෝධායනට ලක්කර ඇතැයි හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය පමෝද් සිරිවර්ධන මහතා පවසයි. 05 May 2020
දෙල්තොට පවුල් 18 ක පිරිස් නිරෝධායනයට දෙල්තොට , නවනැලිය හා බැඹිය යන ගම්මානවල පවුල් දහ අටක(18)පිරිසක් අද(5දා)නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ. 05 May 2020
5000 දීමනාව නොලැබුණැයි කියන චෝදනාවක් සම්බන්ධයෙන් විරෝධතාවක් ජීවනෝපාය අහිමිව අසරණ වූ පුද්ගලයන්ට රජය මගින් ලබා දුන් රුපියල් 5000 දීමනාව තමන්ට මෙතෙක් නොලැබුණු බව පවසමින් හොරණ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් අංක 612 කහටපිටිය ග්‍රාම සේවා වසමේ පවුල් 50 කට ආසන්න පිරිසක් වසා දමා තිබූ එම කාර්යාලයේ ඉදිරිපිට බිම වාඩි වී සිය විරෝධය පල කළහ. 05 May 2020
ඇඳිරිනීතියේදී හරක් මස් විකුණු තිදෙනකු අත්අඩංගුවට ඇදිරිනිතිය බල පවත්වන කාල සිමාවේ වත්තල මාබෝලේ නිවෙසක බලපත්‍ර රහිතව හරක් මස් විකුණමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු එල හරක් මස් කිලෝ 1400 සමග අද (05) අත් අඩංගුවට ගත් බව වත්තල පොලිසිය පවසයි. 05 May 2020
පියා ඝාතනය කළැයි සැකපිට 15 හැවිරිදි දියණියගේ පෙම්වතා අත්අඩංගුවට හාලිඇල, නාරංගල 9 කනුව ,දෙබැද්දපතනේ නිවසක් තුළදී අද (5) දා අලුයම් කාලයේ පොරවකින් පහරදී තිදරුපියෙක් ඝාතනය කළැයි සැකපිට 21 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට ගත් බව හාලිඇල පොලිසිය පවසයි. 05 May 2020
පහළගම විවෘත කරයි කොරෝනා වෛරසය ආසාධිත නාවික හමුදා සෙබලකු පදිංචිව සිටි ගම්මානයක් වන අනුරාධපුර මහ බුලංකුලම පහලගම ගම්මානය සමිපුර්ණ යෙන්ම වසාදමා (ලොක් ඩවුන්) කර දින අටකට (08) කට පසු යලි අද(05) විවෘත කිරිමට සෞඛ්‍ය අංශ පියවර ගත්තේය. 05 May 2020
අකුණු සැර වැදී අයෙක් මරුට කනදරාව වැවේ ඇල මාර්ගයේ දිය නාමින් සිටි 41 හැවිරිදි පුද්ගලයෙකු අකුණු සැර වැදිමෙන් මිය ගොස් ඇතැයි මිහින්තලය පොලිසිය කියයි. 05 May 2020
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025