පාලිත ආරියවංශ
හාලිඇල, නාරංගල 9 කනුව ,දෙබැද්දපතනේ නිවසක් තුළදී අද (5) දා අලුයම් කාලයේ පොරවකින් පහරදී තිදරුපියෙක් ඝාතනය කළැයි සැකපිට 21 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට ගත් බව හාලිඇල පොලිසිය පවසයි.
මෙසේ ඝාතනය ලක්ව ඇත්තේ ජී.එච්. ගුණපාල (38)නැමත්තෙකි.
සැකකරු මරණකරුගේ 15 හැවිරිදි දියණිය පැහැරගෙන ගිය බවට මීට පෙර පැමිණිල්ලක් ලැබී තිබූ බවත් ඒ අනුව ඔහු අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සියදී දෙමාපියන්ගේ කැමැත්ත මත යළි මෙම නිවසට කැදවාගෙන තිබු බවත් විමර්ශන වලදී අනාවරණය වී යැයි පොලිසිය සඳහන් කළේය .
මෙම ඝාතනයෙන් පසු මරණකරුගේ බිරිද දියණිය හා සැකකරු මෙම නිවසින් පිටත්ව ගොස් තිබේ .
සැකකරු හා දියණිය සැකකරුගේ නිවසට පිටත්කර හැර මරණකරුගේ බිරිද පමණක් හාලිඇල පොලිසියට පැමිණ ඇතිබවත් අනාවරණය වී තිබේ .
ඇය පොලිසියට පැමිණිලි කර ඇත්තේ මරණකරු දරුවන්ට පහරදුන් නිසා තමා මෙම අපරාධය කළ බව යැයි පොලිසිය සඳහන් කළේය .
කෙසේ නමුත් එම ස්ථානයට ගිය බදුල්ල සහකාර පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර හා හාලිඇල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත චන්ද්‍රෙස්කර යන මහත්වරු කළ විමර්ශන වලදී මෙම ඝාතනය සිදුකර ඇත්තේ මරණකරුගේ දියණිය සමග ජීවත්වූ සැකකාර තරුණයා බව අනාවරණය කර ගෙන තිබේ .
ඝාතනය සදහා යොදාගත් පොරවද අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය .
ඌව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට , බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත හා සහකාර පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර යන මහත්වරුන්ගේ උපදෙස් මත හාලිඇල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත
චන්ද්‍රසේකර මහතාගේ මෙහෙයවීම යටතේ හාලිඇල පොලිසිය විමර්ශන සිදුකළේය .
2025 නොවැම්බර් මස 04
790
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2442
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1766
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පියා ඝාතනය කළැයි සැකපිට 15 හැවිරිදි දියණියගේ පෙම්වතා අත්අඩංගුවට