බඹරු දෂ්ඨ කිරීමෙන් පුද්ගලයෙක් මරුට ආගරපතන, ඩයගම ප්‍රදේශයේ පුද්ගලයෙකු බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් අද (13) ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඩයගම පොලීසිය පවසයි. 13 May 2020
තංගල්ලේ සුරාසැල් අසල ජනතාව පොරකති ඇඳිරිනීතිය ඉවත්කළ ප්‍රදේශවල සුරාසැල් විවෘත කිරීමට ගත් තීරණයක් හේතුවෙන් තංගල්ල නගරයේ සුරාසැල් අසල ජනතාව ඒකරාශී වීමෙන් දැඩි නොසන්සුන්තාවක් අද(13) දක්නට හැකිවිය. 13 May 2020
තලවකැලේ ආපනශාලා වසා දමයි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් නිසි ලෙස අනුගමනය නොකර විවෘත කර තිබු තලවකැලේ නගරයේ සියළුම ආපනශාලා අද (13) සිට වසා දැමීමට පියවර ගත්බව තලවකැලේ- ලිඳුල නගර සභාවේ සභාපති ඒ. අශෝක සේපාල මහතා කීය. 13 May 2020
තබ්බෝවේ අනතුරකින් කාන්තාවක් මරුට නාත්තණ්ඩිය කුලියාපිටිය මාර්ගයේ තබ්බෝව ප්‍රදේශයේ දි සිදුවු අනතුරකින් බරපතල තුවාල ලැබු කාන්තාවක් අද ( 13 ) මිය ගොස් ඇති බව දුම්මලසුරිය පොලිසිය කියයි. 13 May 2020
උතුරේ ලංගම බස් ධාවනයේ අඩුවක් ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ උතුරු පලාත තුල ධාවන කටයුතු ආරම්භ කලද මගීන්ගේ දැඩි අඩුවක් දැකිය හැකි බවට උතුරේ ලංගම ඩිපෝ නිලධාරීන් පවසති. 13 May 2020
තංගල්ල මහජන පොළෙහි වෙළෙන්දෝ නිරෝධායන නීති උල්ලංඝනය කරති තංගල්ල මහජන පොළෙහි වෙළෙන්දෝ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිර්දේශ කළ නිරෝධායනය නීතිරීති උල්ලංඝනය කරමින් අද(13) වෙළදාමෙහි නිරත වූ ආකාරය දක්නට හැකිවිය. 13 May 2020
වව්නියාව නිරෝධායන කඳවුරෙන් තවත් පිරිසක් පිටව යති වව්නියාව, පම්පමඩුව යුද හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුළ සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද පුද්ගලයින් 129 දෙනෙකු අද (13) එම මධ්‍යස්ථානයෙන් පිටත් වූ බවට වන්නි ආරක්ෂක සේනා මූළස්ථානය පවසයි. 13 May 2020
බස් ඇතත් මගීන්ගේ අඩුවක් දඹුල්ල නගරයේ අද(13) බස් රථ ධාවනයේ යොදවා ඇතත් මගීන් ගේ අඩුවක් පවතී. 13 May 2020
ඩෙංගු කීටයින් බෝ කළැයි ධිවර යාත්‍රා 7ක හිමිකරුවන්ට නඩු වැසි සමයත් සමඟම ඩෙංගු පැතිරීයමේ දැඩි අවදානමක් ඇති හික්කඩුව දොඩන්දූව ධීවර වරායේ ගාල් කර තිබෙන ඩෙංගු මදුරු කීටයින් සිටි ධීවර යාත්‍රා හිමියන් 7 ක් අද (13 ) නඩු පවරන බව හික්කඩුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි . 13 May 2020
අකුණු සැර වැදීමෙන් පස්සර නිවාස 6 කට දැඩි හානි අකුණු සැර වැදීමෙන් අද 12 සවස පස්සර ජයන්තිපුර ප්‍රදේශයේ නිවාස 6 කට දැඩි හානි සිදුවූ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි . 12 May 2020
ට්රැක්ටැරය පෙරැළි රියදුරු මරුට කහවත්ත ඇන්දාන දලුග්ගල දි අද (12) ට්‍රැක්ටරයක් පෙරළිමෙන් එය ධාවනය කළ රියදුරු මියගොස් තිබේ. 12 May 2020
දියේ ගිලීමෙන් කාන්තාවක් මරුට දඩැල්ල වෙරළ තිරයේ දි කාන්තාවක් රළ පහරකට හසුවිමෙන් ගසාගෙන ගොස් දියේ ගිලිමෙන් අද (12) පස්වරුවේ මියගොස් ඇතිබැව් කරාපිටිය රෝහල් පොලිසිය පවසයි. 12 May 2020
කොන්ක්‍රීට් ලෑල්ලක් හිසට වැටි සිසුවෙක් මරුට බඩල්කුඹුර කොටමුදුන ඇලකන්ද ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි සිසුවෙකු අද (12) මුළුතැන්ගෙයි කොන්ක්‍රීට් ලෑල්ලක් හිස මතට කඩා වැටීමෙන් මියගොස් ඇතැයි ඇතැයි පස්සර පොලීසිය පවසයි. 12 May 2020
ලක්ෂ දෙකක රන් භාණ්ඩ සොරාගත් කාන්තාවක් අත්අඩංගුවට ගාල්ල කොටුවේ නිවසක මෙහෙකාර සේවයේ යෙදී සිටි කාන්තාවක් නිවසේ හිමිකාරියගේ රන් භාණ්ඩ සොරාගෙන ගොස් සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි. 12 May 2020
කැස්බෑ බිත්තර සමග පුද්ගලයකු අත්අඩංගුවට කැස්බැ බිත්තර 109 ක් සමග අයෙක් අද(12 ) දවල් ඌරගස්මංහන්දිය මීගස්පිටිය ප්‍රදේශයේදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවටගත් බව ඌරගස්මංහන්දිය පොලීසිය කියයි . 12 May 2020
හලාවත මෝය කට පුළුල් කරයි දැදුරු ඔය ජලාශය වාන් දොරටු විවෘත කිරිමත් සමග හලාවත ආසන්නයේ ගම්මාන ජලයෙන් යටවිම වැලැක්විමට හලාවත මෝය කට පුළුල් කිරිමට ( 11 ) කටයුතු කල බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා බව පවසයි . 12 May 2020
පොලු වලින් පහර දී පුද්ගලයකු ඝාතනය කරයි මුල්කිරිගල පන්සල පාරේ 9 වන දින සවස 4.30 ට පමණ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පොලු වලින් පහර දීම නිසා බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කර සිටි තිදරු පියෙකු අද (12) වන දින උදේ කරාපිටිය රෝහලේදී මියගොස් ඇති බව වීරකැටිය පොලිසිය පවසිය. 12 May 2020
ත්‍රිරෝද රියක් ගිනි තැබු දෙදෙනකු සැකපිට අත්අඩංගුවට හැටන් නගරයේ ත්‍රිරෝද රථයක් ධාවනය කරවන රියදුරෙකු සහ ඔහුගේ මිතුරෙකු විසින් ත්‍රිරෝද රථයකින් පැමිණ ගාල් කර තිබු ත්‍රිරෝද රථයට ගිනි තබා පලා ගොස් ඇති බවසිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් පැවසීය. 12 May 2020
‘කොරෝනා සෞඛ්‍ය පිළිවෙත් තංගල්ල ධීවර වරායේ නැහැ’ කොරෝනා වෛරසය පැතියාම වළක්වා ගැනීම සඳහා දෙදෙනකු අතර අවම දුර මීටරයක් පවත්වාගැනීමට සෞඛ්‍ය බලධාරීන් ජනතාව දැනුම්වත් කළද තවමත් තංගල්ල ධීවර වරායේ ඇතැම් වෙළෙන්දන් සහ පාරිභෝගිකයන් එය අනුගමනය නොකරන ආකාරය දක්නට හැකිය. 12 May 2020
මාදම්පේ ගල්මුරුවේ විහාරස්ථානයක ඇබිත්තියෙක් හදිසියේ මිය යයි ගල්මුරුව උඩලටෙවල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ ඇබිත්තයා වශයෙන් කටයුතු කළ පුද්ගලයා අභිරහස් ලෙසින් මිය ගොස් සිටිය දි අද ( 12 ) උදේ සොයා ගත් බව මාදම්පේ පොලිසිය කියයි. 12 May 2020
අයිස් මත්ද්‍රව්‍ය සමඟ අයෙක් අත්අඩංගුවට අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කළ අයෙකු ඌරගස්මංහන්දිය ප්‍රදේශයේදි අද (12) සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවටගත් බව ඌරගස්මංහන්දිය පොලීසිය කියයි . 12 May 2020
හෙරෝයින් සමග හතරක් අත්අඩංගුවට හෙරෝයින් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයන් හතර දෙනෙකු අද (11) සවස අත්අඩංගුවට ගත් බව බලන්ගොඩ පොලිසිය පවසයි. 11 May 2020
මධ්‍යම පළාතේ කාර්යයාල සේවකයින් ප්‍රවාහනයට දුම්රිය 8 ක් කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමග පනවා තිබු ඇදිරි නිතිය (11) දින අලුයම 5 ට ලිහිල් කිරිමෙන් අනතුරුව රාජ්‍යය සහ පෞද්ගලික අංශයේ සේවකයින් ප්‍රවාහනය කිරිම සදහා මධ්‍යම පලාත තුල දුම්රිය 8 ක් ධාවනයට එක්කර ඇති බව මධ්‍යම පලාත් දුම්රිය ප්‍රවාහන අධිකාරි ආනන්ද කරුණාරත්න මහතා පැවසිය. 11 May 2020
කළුතර ජල සැපයුම හෙට අත්හිටුවයි කළුතර ජාතික ජලාප්‍රවාහන මණ්ඩලයෙන් හෙට (12) බෙදාහරිනු ලබන පානය ජලය හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජල මණ්ඩලය කළුතර කාර්යාලය ඉංජිනේරු ඒකකය සඳහන් කරයි. 11 May 2020
ගුරුවරියක් සමූහ දූෂණය කළ සිද්ධියක එක් සැකකරුවෙක් අත්අඩංගුවට අක්මිමණ ඉහලගොඩ ප්‍රදේශයේදී පනස් පස් හැවිරිදි ගුරුවරියක් සමූහ දූෂණය කොට රන් ආභරණ සහ මුදල් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි ප්‍රධාන සැකකරු මිදිගම කලපුව ප්‍රදේශයේ සැඟව සිටියදි අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි 11 May 2020
ගාලු උසාවිය ඉදිරිපිට දුරස්ථභාවය නෑ අධිකරණ කටයුතු අද(11) යළි ආරම්භ වීමත් සමග ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට විශාල වශයෙන් ජනතාව රැස්වී සිටින ආකාරය දැකගත හැකිවිය. 11 May 2020
යල කන්නයට පොහොර ගන්න කලවාන ගොවිජන කාර්යාලය අසල දිගු පෝලිම් මෙවර යල කන්නයේ කලවාන ගොවිජන බල ප්‍රදේශයේ කුඹුරු අස්වැද්දීම වෙනත් යල කන්න වලට වඩා ඉහළ ගොස් ඇති බව කලවාන ගොවිජන කාර්යාලය පවසයි. 11 May 2020
තිරෝද රථ සොරකමේ ගිය අඹුසැමි ය්රවළක් ඇතුළු සිව් දෙනකු අත්අඩංගුවට ත්‍රිරෝද රථ සොරකම් කිරිමේ නිරත අඹු සැමි යුවළක් හා ගරාජකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බැව් ගාල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශය පවසයි. 11 May 2020
ජීව අත්බෝම්බ 3ක් තංගල්ලේ කැලයක තංගල්ල රැකව මහත්තයාවැව ආසන්නයේ කැලයක තිබී විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බ 3ක් අද(11) සොයාගත් බව තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි. 11 May 2020
හොරොයින් ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි 15 ක් අත්අඩංගුවට අරලගංවිල පොලිස් වසමේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී හෙරොයින් මත්කුඩු,ගංජා, කසිප්පු සහ ගෝඩා ළඟ තබාගෙන සිටි පුද්ගලයෝ 15 දෙනෙකු අද(11) අලූයම අත් අඩංගුවට ගත් බව අරලගංවිල පොලීසිය කියයි. 11 May 2020
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025