අනීෂා මානගේ
තංගල්ල මහජන පොළෙහි වෙළෙන්දෝ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිර්දේශ කළ නිරෝධායනය නීතිරීති උල්ලංඝනය කරමින් අද(13) වෙළදාමෙහි නිරත වූ ආකාරය දක්නට හැකිවිය.
ඇතැම් වෙළෙන්දන් නියමිත දුර ප්‍රමාණය පවත්වා නොගනිමින් වෙළදාම් කිරීම හේතුවෙන් තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීහු මහජන පොළ පැවැති භූමියෙන් වෙළෙන්දන් ඉවත් කිරීමට අද (13) පෙරවරු කාලයේදී පියවර ගෙන ගත්හ.
කෙසේ වුවද පොලිස් නිලධාරීන් නිරෝධායනය නීතිරීති පිළිබඳව මහජන පොළෙහි වෙළෙන්දන් දැනුම්වත් කර ඔවුන්ගේ අධීක්ෂණය යටතේ තංගල්ල මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ මහජන පොළ පැවැත්වීමට කටයුතු කරනු ලැබීය.
වෙළෙන්දන්ට සාමාන්‍ය පරිදි වෙළදාම් කිරීමට අවස්ථාව ලබා දුන්නද ඇතැම් වෙළෙන්දන් මුඛ ආවරණ නිවැරදිව පැළද නොසිටි ආකාරය දක්නට හැකිවිය.




COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.