(ශාන්ත චන්ද්‍රසිරි)
ආගරපතන, ඩයගම ප්‍රදේශයේ පුද්ගලයෙකු බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් අද (13) ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඩයගම පොලීසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ ආගරපතන, ඩයගම, බටහිර වත්තේ හත්වන ලයිමේ පදිංචිව සිටි සෙල්ලමුත්තු ආරුමුගම් (69) නැමැති අයෙකුය.
වත්තේ ගසක බැද තිබු බඹර කූඩුවක බඹරුන් ඇවිස්සීමෙන් මෙම පුද්ගලයාට බඹරුන් දෂ්ඨ කොට තිබේ.
තුවාල ලැබු මෙම පුද්ගලයා රෝහලට රැගෙන එනවිටත් මිය ගොස් සිටි බව ඩයගම ප්‍රාදේශීය රෝහලේ ප්‍රකාශයෙකු කීය.
මේ පිළිබඳව පරික්ෂණයක් පැවැත්වීමට පියවර ගෙන ඇති බව ඩයගම පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක සුජීව ගුණතිලක මහතා පැවැසීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.