(ඩී.ජී.සුගතපාල)
ගාල්ල කොටුවේ නිවසක මෙහෙකාර සේවයේ යෙදී සිටි කාන්තාවක් නිවසේ හිමිකාරියගේ රන් භාණ්ඩ සොරාගෙන ගොස් සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ඇටැම්පිටිය ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි කාන්තාවකි.
සොරකම් කරන ලද රන් භාණ්ඩ වල වටිනාකම දෙලක්ෂ විසිපන් දහසක් 2,25,000 පමණ වන බව පොලිසිය පැවසීය.
සැකකාරිය මාස කිහිපයකට පෙර මෙම නිවසේ මෙහෙකාර සේවයට පැමිණ ඇති අතර පසුව නිවසේ සේවය අමාරු බව පවසා ගමට ගොස් තිබේ.
එසේ ගොස් ඇය නීත්‍යානුකූලව විවාහ නොවි තරුණයෙකු සමඟ කුලියාපිටියේ පදිංචියට ගොස් ඇත.
මේ අතර නිවසේ තිබූ රන් භාණ්ඩ සොරකම් කර ඇති බව දැනගෙන නිවසේ හිමිකාරිය පොලිසියට කරන ලද පැමිණිල්ලට අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ඇටම්පිටියට ප්‍රදේශයට ගොස් රැකවල්ලා සිට ඇය නිවසට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගෙන ඇත.
සොරකම් කරන ලද රන් භාණ්ඩ සැකකාරියගේ පියා විසින් ඇටැම්පිටිය බැංකු ශාඛාවකට උගස් කර තිබියදී සොයාගෙන ඇත.
සැකකාරිය අද (12) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ලක්ෂ දෙකක රන් භාණ්ඩ සොරාගත් කාන්තාවක් අත්අඩංගුවට