ගාල්ල නගර සභා කම්කරුවන්ගේ පී.සී.ආර්.පරීක්ෂණ සිදුකෙරේ ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය විසින් අද (15)ගාල්ල නගර සභාවේ කම්කරුවන්ගේ සෙම් පටල ලබාගෙන පී.සී.ආර්.පරික්ෂණයක් සිදු කරන ලදී. 15 May 2020
බෙන්තර ප්‍රා.සබේ මන්ත්‍රීවරයකු පහරදුන්නැයි පැමිණිල්ලක් බෙන්තර හඹුරුපොලදී ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු විසින් කරන ලදැයි කියන පහරදීමකින් වෙළෙඳසැල් හිමියකු බෙන්තර රෝහලට අද (15) ඇතුලත් කරනු ලැබ ඇතැයි රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. 15 May 2020
අණ නොතකා ගිය යතුරුපැදියකට වෙඩි ඇඳිරිනීතිය ක්‍රියාත්මකවූ කාලසීමාවේදී යාපනය,පේදුරුතුඩුව, මන්දිකෙයි යුද හමුදා මාර්ග බාධකයේදී ඊයේ (14) රාත්‍රියේ අණ නොතකා ගමන්ගත් යතුරු පැදියකට සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගතකර ඇතැයි යාපනය පේදුරුතුඩුව පොලිසිය පවසයි. 15 May 2020
නිකවැරටිය රෝහලෙන් මී උණ රෝගීන් හයක් නිකවැරටිය රෝහලෙන් මේවන විට මී උණ රෝගීන් හය දෙනෙකු වාර්ථා වන බව නිකවැරටිය මූලික රෝහල් වෛද්‍ය අධිකාරී අමිල මධුරාගොඩ මහතා අද (15) පැවසීය . 15 May 2020
නෙල්ලිවල 57ක් නිරෝධායනය අවසන් කරති ඉඹුල්පේ සෞඛ්‍ය නිලධාරී කොට්ටාශයේ නිවාස 14 ක පිරිසක් නිරෝධායන කටයුතු සාර්ථක ලෙස අවසන් කර තිබේ. 15 May 2020
ගම්පහ රෝහලේ සේවකයකු විදුලි සැර වැදී මරුට ගම්පහ මහ රෝහලේ සේවකයෙකු සිය නිවසේ දී විදුලි සැර වැදී මරණයට පත්ව ඇතැයි පල්ලෙවෙල පොලිසිය කියයි. 15 May 2020
තියුණු ආයුධයකින් කපා පුද්ගලයෙකු ඝාතනය කරයි බෙන්තොට හබුරුගල මහවිල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් කපා පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ඌරගස්මංහන්දිය පොලිසිය පවසයි. 15 May 2020
ගිනි අවි දෙකක් - උණ්ඩ 15 ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට නීති විරෝධි ගිනිඅවි දෙකක් සහ ජීව උණ්ඩ 15 ක් සමඟ සැකකරුවෙකු වදුරඹ වැලිදෙනියේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ අක්මීමන කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. 15 May 2020
අධිකරණ නියෝග කඩ කර පොලිස් නිලධාරීන්ට බාධා කළ පිය-පුතු බන්ධනාගාරයට තංගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඉකුත් 06 වැනි දින නිකුත් කළ සෝදිසි වරෙන්තුවක් කඩ කර පොලිස් නිළධාරීන්ට බලපෑම් කළ පියෙකු හා පුතුන් දෙදෙනෙකු අද (14) දින තංගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විනිසුරු එල්.ටී. වරුසවිතාරණ මහතා විසින් ලබන 22 දින දක්වා බන්ධනාගාර ගත කර තිබේ. 14 May 2020
හල්දුම්මුල්ල ප්‍රා. සබේ පොහොට්ටුවේ සභාපතිට විරුද්ධව ගෙන ආ යෝජනාව වැඩි ඡන්දෙන් සම්මතයි හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති උපුල් ප්‍රියන්ත හෙට්ටිගේ මහතා (ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ) අකාර්යක්ෂම දූෂිත පාලනයක් ගෙන යන බව පවසමින් අද (14) හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවට ගෙන ආ යෝජනාව වැඩි ඡන්ද 7කින් ජයග්‍රහණය කළේය. 14 May 2020
හෙරොයින් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට වවුනියාව සිට කැබිතිගොල්ලෑව ප්‍රදේශයට හෙරෝයින් ප්‍රවාහනය කරමින් සිටි සිවිල් ආරක්ෂක භටයකු අද (14) සවස වවුනියාව , මඩුකන්ද ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය කියයි. 14 May 2020
දුම්රිය පාලමෙන් ගඟට වැටුණු කතගේ සිරුර සොයා ගනී දුම්රිය පාලමෙන් මහවැලි ගගේ වැටි අතුරුදන් වි ඇති පස් දරු මවකගේ සිරුර අද (14) දින දහවල් සොයාගත් බව නාවලපිටිය පොලිසිය පැවසිය. 14 May 2020
තලවකැලේට හෙට ජල කප්පාදුවක් තලවකැලේ ලිදුලි නගර සභා සිමාවේ හෙට (15) දින පැය 8 ක කාලයක් පානිය ජලය ලබා දිම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජල ප්‍රවාහනය මණ්ඩලය පැවසිය. 14 May 2020
පුත්තලමේ දරුවන්ට අතහැරුණු සියලුම ප්‍රතිශක්තිකරණ එන්නත් විදීම අරඹයි කොරෝනා වසංගතය හේතුවෙන් කුඩා බිලිදුන් ඇතුළු වයස අවුරුදු 5 දක්වා දරුවන්ට මගහැරුණු ප්‍රතිශක්තිකරණ එන්නත් හා පෝලියේ ලබා දිම ආරම්භ කල බව පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය චන්රු ප්‍රනාන්දු මහතා පවසයි. 14 May 2020
තවත් සති දෙකක් බේරුවල නගර සභා පුස්තකාලය වහයි බේරුවල නගර සභා භූමියේ තිබෙන මහජන පුස්තකාලය ඇඳිරි නීති ඉවත් කළ ද වසා දමා ඇතැයි පාඨකයන් කියයි. 14 May 2020
ඇදිරිය කඩමින් දුම්වැටි ගෙන ගිය චීන ජාතිකයකු අත්අඩංගුවට ඇදිරි නීති බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් නීති විරෝධී දුම්වැටි 6000 ක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි චීන ජාතිකයකු අද(14) පස්වරුවේ කොල්ලූපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 14 May 2020
ගම්පහ ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමෙන් විපක්ෂය පිටව යති කොරෝනා රෝග තත්ත්වය මත ගම්පහ ප්‍රාදේශීය සභාව දෙමසකට පසුව අද (14) මාසික රැස්වීම සදහා රැස්වූ අතර බල ප්‍රදේශයෙහි ජනතාවට සහන සැලසීම පිනිස මුදල් වෙන්කර ගැනීමේ යෝජනාවේ ක්‍රමවේදයට විරෝධය පළ කරමින් එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු සභාව වර්ජනය කරමින් පිටව ගියහ. 14 May 2020
බලන්ගොඩ රයි වත්ත ප්‍රදේශයේ වතු නිවාසයක ගින්නක් බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් රයි වත්ත ප්‍රදේශයේ වතු ලයින් නිවාස පේලියක අද (14) ගින්නක් හටගත් බව පොලිසිය පවසයි. 14 May 2020
කළුතර මී උණ පැතිරයාමේ අවදානමක් කළුතර දිස්ත්‍රික්කයේ කොවිඩ් 19 රෝග ව්‍යාප්තිය අඩුවීමත් සමග මී උණ පැතිරීමේ අවදානමක් ඇතිවී ඇති බවත් ,මේ වන විට එම තත්වය පාලනය කිරීම සඳහා සියලු කටයුතු ආරම්භ කර ඇති බවත් කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් ලියනගේ මහතා පැවසීය. 14 May 2020
හදබිම අධිකාරියෙන් සහන මිලට ආහාර බෝග ලබාදෙයි ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මගින් ආහාර බෝග සහනමිලට ලබා දිමේ වැඩ සටහනක් අද (14) ගණ්නෝරුව හදබිම අධිකාරියේ දි පැවැත්විය. 14 May 2020
කඩ කුලී සංශෝධනය කරයි බලන්ගොඩ නගරයේ නගර සභාව සතු වෙලෙදසල් වලින් පැවැති කොරෝනා වයිරසය අවදානම හේතුවෙන් මාර්තු ,අප්‍රේල් සහ මැයි මාස සදහා කඩ කුලි අයකිරිම සංශෝධනය කිරිමට අද (14) දි නගර සභා රැස්විමකදි මන්ත්‍රීරුන්ගේ කැමැත්ත අනුව තිරණය කෙරිණි. 14 May 2020
පුරන් කුඹුරු අස්වද්දන්න නොමිලේ පොහොර මෙවර යල කන්නයේදි අලුතෙන් අස් වැද්දිමට සූදානම්කර ඇති ගාල්ල දිස්ත්‍රික්කයේ පුරන් කුඹුරු හෙක්ටයාර 5314ක් සඳහා රසායනික පොහොර සමග කාබනික පොහොරද සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දිමට පියවර ගෙන ඇතැයි ජාතික පොහොර ලේකම් කාර්යාලයේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය පවසයි. 14 May 2020
හල්දුම්මුල්ල සභාවේ මන්ත්‍රීවරු විරෝධතාවයක හල්දුම්මුල්ල ප්‍රාදේශ සභාවේ සභාපති වරයා ජනතාවට ලබාදුන් කොරෝනා සහන මල්ල ගසා කෑ බවට විරෝධය පා අද (14) සභා මන්ත්‍රීවරු පිරිසක් විරෝධතා පාගමනක නිරත වූහ . 14 May 2020
බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයේදී නිරෝධායනය වූ පිරිසක් පිටව යති ගලහ බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධනය වූ 52 දෙදෙනෙකු අද (14) සිය නිවෙස් කරා පිටත් කර යැවීමට සූදානම් කර ඇති බව ගලහ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පැවසීය. 14 May 2020
නිකවැරටිය හෝටල්-ව්‍යාපාරික ස්ථානවල පිසූ කෑම තහනම් නිකවැරටිය නගරයේග මේ වන විට විවෘත කර ඇති සියලු හෝටල් ව්‍යාපාරික ස්ථාන තුළ පිසූ ආහාර අනුභව කිරීම සපුරා තහනම් කර ඇති අතර පාරිභෝගිකයන්ට පිසූ ආහාර පාර්සල් ලෙස රැගෙන යාමට සෞඛ්‍ය අංශ අවස්ථාව ලබා දී ඇත. 14 May 2020
සපාමරුවා ගම්මානයේ කලබගෑනියක් නොරෝච්චෝල කරඹ සපාමරුවා ගම්මානයේ තරුණයින් තිදෙනෙකු මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් යැයි පැවසෙන පිරිසක් විසින් තියුණු ආයුධ වලින් කපා බරපතල තුවාල සිදු කිරිමත් සමග ගම්මානයේ අද ( 13 ) සවස උණුසුම් තත්ත්වයක් ඇතිවිය. 13 May 2020
ශාකසාර විසබීජ හරණ කුටියක් කොරෝනා වයිරසයෙන් ජනතාව ආරක්ෂා කිරීම සදහා කොළඹ නගර සභාවට අයත් අයුර්වේද දෙපාර්තමේන්තුව මගින් ශාකසාර වාෂ්ප විසබීජහරණය කුටියක් නිර්මාණය කර තිබේ 13 May 2020
දිය නාන්න ගිය පුද්ගලයකු දියේ ගිලී මරුට කොග්ගල කොටවාන ගල අසල මුහුදේ අද (13) දින දිය නෑමට ගොස් සිටියදී දියේ ගිලීමෙන් පුද්ගලයකු මිය ගිය බව කරාපිටිය පොලිසිය පවසයි. 13 May 2020
ගෙවත්තක වළ දමා තිබු ජීව අත් බෝම්බයක් නිෂ්ක්‍රීය කෙරේ මීටියාගොඩ මලවැන්නදූව ප්‍රදේශයේ ගෙවත්තක වළලා දමා තිබියදී අද (13 ) සොයා ගැනුණු ජීව අත් බෝම්බය අක්මීමන හියාරේ පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිශ්ක්‍රීය අංශයේ නිලධාරින් පැමිණ නිශ්ක්‍රීය කළහ. 13 May 2020
ගල්විහාර පුජා භූමි රක්ෂිතයේ මුවකු මස් කරති පොළොන්නරුව ගල්විහාර පුජා භුමියට අයත් රක්ෂිතයේ අද (13) මුවෙකු දඩයම් කර මස් කරමින් සිටි බාල වයස් කරුවෙකු සහ තවත් ඔහුගේ ඥාතියෙකු පොළොන්නරුව වනජිවි නිලධාරින් විසින් සැක පිට අත් අඩංගුවට ගෙන ඇත 13 May 2020
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025