අණ නොතකා ගිය යතුරුපැදියකට වෙඩි
ඇඳිරිනීතිය ක්රියාත්මකවූ කාලසීමාවේදී යාපනය,පේදුරුතුඩුව, මන්දිකෙයි යුද හමුදා මාර්ග බාධකයේදී ඊයේ (14) රාත්රියේ අණ නොතකා ගමන්ගත් යතුරු පැදියකට සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගතකර ඇතැයි යාපනය පේදුරුතුඩුව පොලිසිය පවසයි.