හිරාන් ප්‍රියංකර ජයසිංහ
කොරෝනා වසංගතය හේතුවෙන් කුඩා බිලිදුන් ඇතුළු වයස අවුරුදු 5 දක්වා දරුවන්ට මගහැරුණු ප්‍රතිශක්තිකරණ එන්නත් හා පෝලියේ ලබා දිම ආරම්භ කල බව පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය චන්රු ප්‍රනාන්දු මහතා පවසයි.
කොරෝනා වසංගතය හේතුවෙන් මාස තුනකට ආසන්න කාලයක් දරුවන්ට එන්නත් ලබා දිම සම්පුර්ණයෙන්ම ඇන හිට තිබුනී.
මේ නිසාම ඇතැම් බිලිදුන්ට උපතේදී ලබා දෙන බි.සි.ජී එන්නත් පමනක් ලබා දි අතර එතැන් සිට ත්‍රිත්ව ,පෝලියෝ 1 , හෙපටයිටිස් බි, ත්‍රිත්ව 2 , පෝලියෝ 2 ,හෙපටයිටිස් 2 , සරම්ප, විටමින් ඒ ඇතුළු සියලුම එන්නත් හා අනිකුත් දෑ ලබා දිම නැවති තිබුනී.
කෙසේ නමුත් පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි චන්රු ප්‍රනාන්දු මහතා පවසා සිටියේ මෙවැන්නකී .
“පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොඨඨාසය තුල දරුවන් 10000 පමණ මෙම එන්නත් මගහැරි තිබෙනවා .
මේ නිසා එම සියලුම දරුවන්ට ක්‍රමානුකුලව නැවති ගිය එන්නත් ලබා දිමට අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඉතාම ඕනෑකමින් කටයුතු කරමින් සිටිනවා .
ඒ අදාල ප්‍රදේශ වල පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනීයන් හරහා මේ සියල්ල දැනුවත් කිරිමේන් පසුව පුත්තලම සෞඛ්‍ය නිළධාරි කාර්යාලයට පැමිනිමට දැනුම් දිම කර තිබෙනවා යැයි ඔහු පැවසීය.





2025 නොවැම්බර් මස 04
785
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2436
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1763
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පුත්තලමේ දරුවන්ට අතහැරුණු සියලුම ප්‍රතිශක්තිකරණ එන්නත් විදීම අරඹයි