( ලසන්ත නිරෝෂණ පෙරේරා )
ඉඹුල්පේ සෞඛ්‍ය නිලධාරී කොට්ටාශයේ නිවාස 14 ක පිරිසක් නිරෝධායන කටයුතු සාර්ථක ලෙස අවසන් කර තිබේ.
ඒ අනුව, නිරෝධායනය අවසන් කළ නිවැසියන් 57 දෙනාට සහතික පත් බෙදා දීම අද (15) සිදු කෙරුණි .
දින 21 ක නිරෝධායන කාලයකින් පසු එම සහතික පත් ඉඹුල්පේ මහජන සෞඛ්‍ය පරික්ෂක ඒ.එම්.සී.සී. තරසිංහආරච්ච් මහතා එම නිවෙස් වෙත ගොස් ලබා දුන්නේය.
නාවික හමුදා සෙබෙලෙකු ප්‍රදේශයට නිවාඩු ලබා පැමිණිමෙන් පසු ඔහු ඇසුරු කළ පවුල් වල මෙම පිරිස නිරෝධායනයට ලක් කර තිබිණි.
ඔවුන්ගෙන් කොටසකගේ පී.සී.ආර්.පරික්ෂණ ද සිදු කරන ලද අතර ඒ සියලුම දෙනා කොව්ඩ් 19 ආසාදිත නොවෙන බවට තහවුරු විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd