මත්කුඩු ජාවාරමේ නිරත වූ කොස්තාපල් පොලිස් දැලේ පොලිස් නිල ලාංජනය සහිත ක්‍රීඩා ඇඳුමකින් සැරසී නිල හැඳුනුම්පත පෙන්වමින් ඇඳිරි නීතිය පැවති කාලය පුරාම මීරිගම පල්ලෙවෙල හා වේයන්ගොඩ ප්‍රදේශයේ මත්කුඩු ජාවාරමේ යෙදුනු පොලිස් කොස්තාපල්වරයෙකු අද (18) මත්කුඩු පැකට් සමඟ අත්අඩංගුවට ගත් බව පල්ලෙවෙල පොලිසිය කියයි. 18 May 2020
බලන්ගොඩ ජනතාවට විමසිල්ලෙන් සිටින්නැයි උපදෙස් බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අද (18) අළුයම සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නාය යෑමේ අවදානම් කලාප ලෙස නම් කර ඇති ග්‍රාම සේවා වසම් පහකට අයත් ජනතාවට විමසිල්ලෙන් සිටින්නැයි බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් හේමන්ත බණ්ඩාර මහතා ජනතාවට දැනුම් දෙයි. 18 May 2020
සුළඟින් පොලොන්නරුවේ නිවාස 145 කට හානි පොලොන්නරුව දිස්ත්‍රික්කයට අද (18) බලපෑ තද සුළඟ හේතුවෙන් ඇතිවූ ආපදා තත්වය ඉහළ ගොස් ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කියයි. 18 May 2020
ගාල්ලේ පුද්ගලයන් 335 ක් පීඩාවට දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 44 ක පවුල් 105 ක පුද්ගලයන් 335 ක් පීඩාවට පත්ව ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසීය. 18 May 2020
විකිණීමට සඟවා තිබූ ඇත් දළයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කතරගම නාගහවිදිය ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී නිවසක විකිණීම සඳහා සඟවා තිබූ ඇත් දළයක් සමග සැකකරුවෙකු අද (18ද) දහවල් අත්අඩංගුවට ගෙන කතරගම පොලීසියට භාරදෙනු ලැබිණ. 18 May 2020
තද සුළගින් පොළොන්නරුවේ නිවාස 70 කට හානි පොළොන්නරුව දිස්ත්‍රික්කයට අද(18) අලූයම බලපෑ තද සුළඟ හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 07ක පිහිටි නිවාස 70කට සහ ව්‍යාපාර ස්ථාන 03කට හානි සිදුව ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කියයි. 18 May 2020
රස්නායකපුර ආපනශාලා තුළ ආහාර ගැනීම තහනම් කොරා්නා වෛරස් ආසාදිතයෙකු හමු වූ රස්නායකපුර නගරයේ හෝටල් ව්‍යාපාරික ස්ථාන මේවන විට විවෘත කර ඇති අතර ආපන ශාලා තුල ආහාර ගැනිම මෙන්ම තේ පානය කිරීමද සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බව රස්නායකපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අද (18)පැවසීය. 18 May 2020
නිකවැරටියේ ඩෙංගු හිස එසවීමේ අවදානමක් නිකවැරටිය රෝහලෙන් ඩෙංගු උණ රෝගියකු වාර්තා වන බවත් පවතින වැසි සහිත තත්වය හේතුවෙන් රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවත් රෝහල් වෛද්‍ය අධිකාරී අමිල මධුරාගොඩ .මහතා අද (18) පැවසීය. 18 May 2020
විදුලි කණුවක් කඩා වැටීමෙන් හැටන්- කාසල්රී ගමනාගමනයට බාධා විදුලි කණුවක් කඩා වැටීමෙන් හැටන්- කාසල්රී මාර්ගය කාසල්රී කොළණිය ප්‍රදේශයේදී අවහිරවීමෙන් එම මාර්ගයේ රථ වාහන ගමනාගමනයට අද (18) උදෑසන බාධා ඇතිවිය. 18 May 2020
පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු තුනක් අදත් විවෘතයි මධ්‍යම පළාතේ ඉහළ බෑවුම්වලට අද( 18) වනදා අලුයම සිට යළිත් ඇද හැළෙමින් තිබෙන අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාම නිසා පොල්ගොල්ල ජලාශයයේ වාන් දොරටු තුනක් අදත් විවෘත කරනු ලැබ තිබේ. 18 May 2020
නියගයෙන් හානි වූ තේ වතු හිමියන්ට ආධාර පසුගිය කාලයේ නියගය නිසා හානියට පත්වූ දිවයිනේ කුඩා තේ වතු හිමියන්ගේ තේ වගාවන් සදහා සහනාධාර ලබාදීමේ වැඩ සටහනක් අරඹා ඇතැයි කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති මහින්ද විදානපතිරණ පවසයි. 18 May 2020
ටිපර්-යතුරුපැදි අනතුරින් යතුරුපැදිකරු මරුට අරලගංවිල,අරුණපුර ප්‍රදේශයේදී ටිපර් රථයක් සහ යතුරු පැදියක් එකිනෙකට ගැටීම නිසා සිදුවූ අනතුරකින් යතුරු පැදිකරු බරපතල තුවාල ලබා රෝහල් ගතකිරිමෙන් පසුව අද(18) අලූයම මරුමුවට පත්වී ඇතැයි අරලගංවිල පොලීසිය කියයි. 18 May 2020
බෝර 12 වර්ගයේ ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත් අඩංගුවට යක්කලමුල්ල උඩුවිටිවයන ප්‍රදේශයේදී බෝර 12 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි මෙරට සාදන ලද ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අද (17) රාත්‍රී අත් අඩංගුවට ගත් බව යක්කලමුල්ල පොලිසිය පවසයි. 17 May 2020
කටගමුව වනජිවි නිලධාරීන් හා දඩයක්කරුවන් අතර වෙඩි හුවමාරුවක් තිස්සමහාරාම පොලිස් වසමේ යාල රක්ෂිතයේ බංදු වැව ප්‍රදේශයේදි කතරගම කටගමුව වනජිවි කාර්යාලයේ නිලධාරින් හා දඩයක්කරුවන් අතර අද (17) සවස වෙඩි හුවමාරුවක් සිදුව ඇතැයි තිස්සමහාරාම පොලිසිය පවසයි. 17 May 2020
තියුණු ආයුධයකින් කපා කොටා පුද්ගලයකු ඝාතනය කරයි බද්දෙගම පෙද්දුවත්ත ප්‍රදේශයේදි අද (17 )රාත්‍රියේදි තියුණු ආයුධයකින් කපා කොටා පුද්ගලයකු ඝාතනය කර ඇතැයි බද්දෙගම පොලීසිය කියයි . 17 May 2020
වට්ටක්කා විකුණා ගැනීමට නොහැකිව මොනරාගල ගොවීන් අසරණ වෙලා මොනරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වට්ටක්කා අස්වැන්න අලෙවි කරගැනීමට නොහැකිවීමෙන් ගොවීහූ අසරණ වී සිටිති. 17 May 2020
හොරොයින් සමඟ අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියමක රිමාන්ඩ් හෙරොයින් සන්තකයේ තබාගැනිමේ චෝදනාව යටතේ අධිකරණයට ඉදිරිපත් කරන ලද බන්ධනාගාර නියාමකවරයෙකු 27 වන දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරිමට ගාල්ල වැඩ බලන මහෙස්ත්‍රාත් ප්‍රේමරත්න තිරාණගම මහතා අද (17) නියෝග කලේය. 17 May 2020
‘‘පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතුයි‘‘ කොරෝනා වයිරසය පාලනය කළේ යැයි සෞඛ්‍යය අංශවලින් තහවුරුව ලබාගත් වහාම ජනතාවගේ ජීවිත සුරක්ෂිත කළ හැකි පළමු තත්ත්පරයේ ම හැටනම ලක්ෂයක් ජනතාවගේ අභිලාෂය කරිහ යාත්මක කිරීමට පාර්ලිමේන්තුවක් ඇතිකිරීම සදහා පාරලිමේන්තු මැතිවරණය පැවැත්විය යුතු යැයි ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා පැවසීය. 17 May 2020
ගංජා සමඟ අත්අඩංගුවට ගත් කොස්තාපල් ලක්ෂ දෙකහමාරක ශරීර ඇප මත මුදාහරියි ගංජා සමග සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කල පොලිස් කොස්තාපල්වරයකු රුපියල් ලක්ෂ දෙකහමාරක ශරීර ඇප මත් මුදාහරින ලෙස බලපිටිය මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා අද (17 ) නියෝග කලේය. 17 May 2020
තොඩුවාව වෙරළ රැක ගන්න ගල් වැටි දැමිම අරඹයි වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් වෙරළ ඛාදනය උග්‍ර වි ඇති මහවැව තොඩුවාව වෙරළ තිරය ආරක්ෂා කර ගැනිමට මේ වන විට ගල්වැටි දැමිම අරඹා ඇති බව වෙරළ සංරක්ෂ ක දෙපාර් තුමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ මදුනි ප්‍රනාන්දු මහත්මිය පවසයි. 17 May 2020
නවගත්තේගම හැල කිඹුලා තබ්බෝව ගල්විල උද්‍යානයට නවගත්තේගම මහ අන්දරවැව ප්‍රදේශයේ ජනතාවට පිඩාකාරි ලෙස සැරිසරමින් සිටි හැළ කිඹුලකු අද ( 17 ) දහවල් වනජීවි නිළධාරින් විසින් අල්ලා තබ්බෝව අභය භුමියට අයත් ගල්විල් උද්‍යානයේ වැවකට මුදාහැරිමට කටයුතු කෙරුණි. 17 May 2020
බදුල්ලේ කොණ්ඩා කැපීමේ ස්ථාන 18 ක් විවෘත කරන්න අවසර බදුල්ල නගරයේ නිසි සෞඛ්‍ය උපදෙස් හා කොන්දේසි සම්පූර්ණ කරගත් සැලූන් 18ක් සහ රූපලාවණ්‍ය මධ්‍යස්ථාන 2ක් විවෘතව පවත්වාගෙන යාම සදහා අවසර ලබාදුන් බව බදුල්ල මහ නගර සභාවේ නගරාධිපති ප්‍රියන්ත අමරසිරි මහතා පැවසීය 17 May 2020
ඇල්පිටියේ හානි වූ නිවාස අලුත්වැඩියාවට රුපියල් 10,000 ක මූලික අත්තිකාරමක් ඇල්පිටිය කැටපල ප්‍රදේශයට අද (17) උදෑසන හමා ගිය දැඩි සුළං තත්ත්වය හේතුවෙන් අර්ධ හානි වූ නිවාස තිස් පහකට එක් නිවසකට අළුත්වැඩියා කටයුතු වෙනුවෙන් රුපියල් දහ දාහක මූලික අත්තිවාරමක් වහා ම ගෙවීමට කටයුතු කළ බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසී ය. 17 May 2020
වැස්සෙන් ගාල්ලේ පුද්ගලයින් 238 ක් පිඩාවට අධික වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරි වසම් 33ක පවුල් 63කට අයත් පුද්ගලයින් 238 දෙනෙකු පිඩාවට ලක්ව ඇති බව ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 17 May 2020
දැරියට අතවර කළ බේකරි මාමා අත්අඩංගුවට මවගේ දැනහැඳුනුම්කමට ගෙදර නතර කර ගත් 60 වන වියේ පසුවන බේකරි මාමා කෙනෙකු එම නිවසේ ජීවත්වු ලාබාල දැරියක විටින් විට කෙලෙසා පලා ගොස් පුත්තලම නගරයේ නිවසක සැඟව සිටිය දී අද ( 17 දා ) දහවල් අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලිසිය කියයි. 17 May 2020
අධිකරණ වරෙන්තු 10 ක් ලැබූ පුද්ගලයෙක් අත්අඩංගුවට අධිකරණ වරෙන්තු 10 ක් ලබා සිටි 28 හැවිරිදි සැකකරුවෙකු බදුල්ල පොලිසිය කරන ලද වැටලීමකදී අද(17) අත්අඩංගුවට ගෙන තිබේ . 17 May 2020
ඇල්පිටියට හමා ආ සුළගකින් නිවාස 22 කට හානි ඇල්පිටිය කැටපල ප්‍රදේශයට අද(17) උදැසන ඇති වූ තද සුළං හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස 22කට දැඩි අලාභ හානි සිදු වී ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි . 17 May 2020
නායයාමේ අවදානම සහිත ප්‍රදේශ 10 ක් දකුණෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 10ක් නාය යැමේ අවදානමට ලක්විය හැකි ප්‍රදේශ ලෙසට නම් කර ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය පවසයි. 17 May 2020
නිරෝධායනය අවසන් කළ තවත් 31 ක් පිටව යති වවුනියාව පම්පමඩුව යුද හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථාන තුළින් සාර්ථකව නිරෝධායනය අවසන්කළ පුද්ගලයින් 31 දෙනෙකු අද(17) නිවෙස්වෙත පිටව ගිය බව වන්නි යුද හමුදා මූලස්ථානය පැවසීය. 17 May 2020
මාතලේ මී උණ පැතිරීමේ අවදානමක් මේ දිනවල මී උණ රෝගය පැතිර යාමේ අවදානමක් පවතින බැවින් මාතලේ දිස්ත්‍රික්කයේ ගොවින් ද ඒ පිළිබදව අවදානය යොමුකළ යුතු මාතලේ දිස්ත්‍රික් ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රභාත් රණසිංහ මහතා පැවැසීය. 17 May 2020
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025