(පුෂ්පකුමාර මල්වාරච්චි සහ ආනන්ද ජයකොඩි)
පොලිස් නිල ලාංජනය සහිත ක්‍රීඩා ඇඳුමකින් සැරසී නිල හැඳුනුම්පත පෙන්වමින් ඇඳිරි නීතිය පැවති කාලය පුරාම මීරිගම පල්ලෙවෙල හා වේයන්ගොඩ ප්‍රදේශයේ මත්කුඩු ජාවාරමේ යෙදුනු පොලිස් කොස්තාපල්වරයෙකු අද (18) මත්කුඩු පැකට් සමඟ අත්අඩංගුවට ගත් බව පල්ලෙවෙල පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පල්ලෙවෙල කාක්කැලේ වත්ත මිහිදුපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකාර පොලිස් කොස්තාපල්වරයා මිරිහාන පොලිසියට
අනුයුක්තව සේවය කර ඇති බවත් ඔහු කලක සිට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් ට මත්කුඩු සැපයීමේ නිරතව සිටි පුද්ගලයෙකු බව පොලිසිය පැවසීය.
මෙසේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ නිරතව ඇතැයි කියන පොලිස් කොස්තාපල් වරයා ඇඳිරි නීතිය පනවා තිබූ කාලය පුරාවටම සේවයට වාර්තා කර නැතැයි ද මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත .
ඔහු පොලිස් නිල ලාංජනය සහිත ඇඳුමින් සැරසී හැඳුනුම්පත ද උපයෝගී කර ගනිමින් කොළඹ හා පෑලියගොඩ ප්‍රදේශවලින් ලබා ගන්නා මත් කුඩු බෙදාහැරීමේ නිරත ව ඇතැයි ද මේ පිළිබඳව ලත් තොරතුරු මත පල්ලෙවෙල පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව මහතා ඊයේ (17) වේරගොඩ කනත්ත අසල දී සිදු කළ වැටලීමකදී සැකකාර කොස්තාපල්වරයා හෙරොයින් මිලිග්‍රෑම් 580 ක ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.
අත්අඩංගුවට ගැනුණු පොලිස් කොස්තාපල්වරයාට එරෙහිව මහාධිකරණය හමුවේ කුඩු ජාවාරම් කිරීමේ චෝදනා යටතේ නඩු පැවරීමට කටයුතු කරන බව පොලිසිය කියයි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මත්කුඩු ජාවාරමේ නිරත වූ කොස්තාපල් පොලිස් දැලේ