(ප්‍රියානි මංගලිකා)
කොරා්නා වෛරස් ආසාදිතයෙකු හමු වූ රස්නායකපුර නගරයේ හෝටල් ව්‍යාපාරික ස්ථාන මේවන විට විවෘත කර ඇති අතර ආපන ශාලා තුල ආහාර ගැනිම මෙන්ම තේ පානය කිරීමද සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බව රස්නායකපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අද (18)පැවසීය.
පිසූ ආහාර පාර්සල් ලෙස පාරිභෝගිකයන්ට රැගෙන යාහැකි අතර සෙසු බේකරි නිෂ්පාදන ද ඒ අයුරින් රැගෙන යාහැකි අතර,ඒ සියල්ල ලබා දී ඇති සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගතව සිදුකල යුතු බවට ව්‍යාපාරිකයන්ට උපදෙස් ලබා දී ඇති බවද එම කාර්යාලය පවසයි.
රස්නායකපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය වාසනා මැදගොඩ මහත්මියගේ උපදෙස් අනුව ,මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුන් වන වසන්ත ජයලත් , කේ.එච්.එම්.ආර්.බී.කහඳව යන නිලධාරීන් විසින් පරීක්ෂණ සිදු කෙරේ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.