බලන්ගොඩ යද්දෙහිකන්දේ පවුල් 13 ක් ඉවත් කරයි වර්ෂාවත් සමඟ නාය යාම අවදානමක් හේතුවෙන් බලන්ගොඩ යද්දෙහිකන්ද ප්‍රදේශයේ පදිංචි පවුල් 13 ක සාමාජිකයින් යද්දෙහිකන්ද කෝවිලට සහ විහාරස්ථානයට යොමු කළ බව බන්ගොඩ ප්‍රදේශිය ලේකම් එච්.එම්.හේමන්ත බණ්ඩාර මහතා අද (20) දා කිය. 20 May 2020
වැස්සෙන් ආගරපතනේ පුද්ගලයින් 162ක් අවතැන් මධ්‍යම කඳුකරයේ පවතින වැසි සහිත කාලගුණික තත්තවයෙන් ආගරපතන ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ පවුල් 42 ක පුද්ගලයන් 162 කු අද (20) වනවිට අවැතැන්ව ඇතැයි ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපති එස්. කදීර්චෙල්වම් මහතා පැවැසීය. 20 May 2020
වැස්සෙන් මාතලේ නිවාස 54 කට හානි පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් මේ වන විට මාතලේ දිස්ත්‍රික්කයේ නිවාස 54 කට හානි සිදුව ඇති බව මාතලේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ චමින්ද අමරවිර මහතා අද ( 20) පැවසීය. 20 May 2020
දකුණේ වසා දැමුණු ලී මෝල් 80 ක් යළි නිෂ්පාදන කටයුතු අරඹයි කොරෝනා වසංගතයත් සමග වසා දැමු දකුණු පළාතේ කොහු මෝල් 80ක් පමණ මේ වනවිට විවෘත කර නිෂ්පාදන කටයුතු කරගෙන යන බැව් පොල් සංවර්ධන අධිකාරියේ දකුණු පළාත්භාර ක්ෂේත්‍ර නිලධාරි ඒ.ජි.එස් රංගජිව මහතා පවසයි. 20 May 2020
හෙරොයින් - අයිස් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු අයිස් නැමති මත්ද්‍රව්‍ය සහ හෙරොයින් සමඟ රත්ගම අංහන්දියේ දී සහ ඉඹුලගොඩ දී අත්අඩංගුවට ගත්බව රත්ගම පොලිසිය පවසයි. 20 May 2020
නාය යාමේ අවදානමෙන් පෙටිටිගල වතුයායේ පවුල් 100ක් තාවකාලිකව ඉවතට බලන්ගොඩ පෙටිටිගල වතු යායේ නාය යාමෙි අවදානම් තත්ත්වයක් හේතුවෙන් වතු කමිකරුු පවුල් 100 කට ආසන්න සංඛ්‍යාවකට අයත් සාමාජිකයින් 330දෙනෙකු බලන්ගොඩ පෙටිටිගල දෙමළ විදුහලේ තාවකාලික නතර කිරිමට කටයුතු කළ බව අද (20) බලන්ගොඩ ප්‍රදේශිය ලේකම් හේමන්ත බණ්ඩාර මහතා පැවැසිය 20 May 2020
හිටපු මන්ත්‍රී ගමන් කළ රියේ ගැටුණු යතුරුපැදිකරුට බරපතලයි පොදුජන පෙරමුණ පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක් ප්‍රියන්ත මහතා ගමන් කරමින් සිටි ජීප් රථයේ ගැටි යතුරු පැදිකරුවකු බරපතල තුවාල ලබා ඇති බව ආණමඩුව පොලිසිය කියයි. 20 May 2020
කොටපොළ පවුල් 5 ක සාමාජිකයින් 21 ක් ඉවත් කෙරේ කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් නාය යාමේ අවදානමට ලක්ව ඇති පවුල් 05ක සාමාජිකයින් 21 කු වැසි සහිත කාලගුණික තත්ත්වය පහ වනතුරු ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙස අද (19) ස්ථාන පරීක්ෂණයක් සිදුකළ නායයෑම් පර්යේෂණ හා අවදානම් කළමනාකරණ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ දිස්ත්‍රික් නිලධාරී පී.එස්.මැණික්පුර මහතා උපදෙස් ලබාදුන්නේය. 19 May 2020
වැස්සෙන් අවතැන් වු කොටපොළ පුද්ගලයින් 11 ක් තාවකාලික ගොඩනැගිල්ලකට වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කොටපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නාය යෑමෙන් නිවාස වලට හානි වී ඉන් පීඩාවට පත් පවුල් 03 ක සාමජිකයන් 11 කු කොටපොළ ප්‍රාදේශීය සභාවේ පුස්තකාල ගොඩනැගිල්ලේ අද (19) නවාතැන් ලබාදීමට කොටපොළ ප්‍රාදේශීය සභාවේ සභාපති දයානන්ද අබේවික්‍රම මහතා කටයුතු කළහ. 19 May 2020
තංගල්ලේ පොහොට්ටුවේ මන්ත්‍රී සහ එජාප සභාපති වචන හුවමාරුවක තංගල්ල නගරයේ කාණු පද්ධති පිරිසුදු නොකීරීම පිළිබඳව තංගල්ල නගසභාවේ මන්ත්‍රී ගයාන් සමිද්ද(පො.ජ.පෙ) මහතා ඉදිරිපත් කළ අදහසක් සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරයා සහ සභාපති රවිඳු දිල්ෂාන් වෙදආරච්චි(එ.ජා.ප) මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් අද(19) ඇතිවිය. 19 May 2020
පුද්ගල මළ සිරුරක් අඹන වෙල් යායේ නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් අඹන වෙල්යායේ දී තිබී මිය ගිය පුද්ගල මළ සිරුරක් හමුවී ඇතැයි නාඋල පොලිසිය කියයි. 19 May 2020
වැස්සෙන් ගිනිගත්හේනේ පවුල් 80 ක් අවතැන් මධ්‍යයම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවවල අද (19) උදැසන ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුළ පවුල් 80 කට ආසන්න පිරිසක් අවතැන් වි ඇති බව ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් රුවිනි සිතාරා ගමගේ මහත්මිය පැවසුවාය. 19 May 2020
පල්ලේගම මිනිකාවල මාර්ගයට පස් කන්දක් කඩාවැටෙයි ඊයේ රාත්‍රී සිට ඇද හැළුණු මහ වැසි හේතුවෙන් දෙනියාය පල්ලේගම මිනිකාවල මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් මාර්ගයේ ගමනා ගමනයට බාධා සිදුව ඇති බව පොලිසිය පවසයි. 19 May 2020
මීරිගම වෙළද ආයතන ගොඩනැගිල්ලක ගින්නක් මීරිගම නගරයේ පිහිටි ප්‍රධාන පෙළේ වෙළෙඳ ආයතනයක ගොඩනැගිල්ලේ අද (19 )උදේ ඇතිවූ හදිසි ගින්නකින් විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ඇතුළු දේපළ දේපල විනාශයට පත්වී ඇතැයි මීරිගම පොලීසිය කියයි. 19 May 2020
ගංවතුරින් කොටපොල පුද්ගලයන් 200 ක් පීඩාවට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් අද (19) කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පස් කදු ගස් කඩා වැටීම හේතුවෙන් අර්ධ හානි 70 ක් මේ වන විට වාර්තා වී ඇතැයි කොටපොළ ප්‍රාදේශීය ලේකම් ගනේෂ අමරසිංහ මහතා පැවසීය . 19 May 2020
වැස්සෙන් උතුරේ පුද්ගලයින් 394ක් පීඩාවට උතුරු පලාතට මේ දිනවල බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රීක්ක 4 කට අයත් පවුල් 113 ක පුද්ගලයින් 394 දෙනෙකු විපතට පත්න ඇති බවට දිස්ත්‍රීක් ආපදා කලමනාකරණ කාර්යාලය පවසයි. 19 May 2020
මධ්‍යම පළාතේ ප්‍රා.ලේ කොට්ඨාස 7කට තවදුරටත් නායයෑමේ අවදානම් මධ්‍යම පළාත තුල පවතින අධික වර්ෂාව සහිත කාලගුණ තත්වය හේතුවෙන් පළාතේ දිස්ත්‍රික්ක තුනේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස හතකට නිකුත් කර ඇති නායයෑමේ අවදානම් නිවේදනය අද ( 19 ) සිට තව දුරටත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දීර්ග කරනු ලැබ තිබේ. 19 May 2020
වැස්සෙන් ගාල්ලේ පුද්ගලයින් 494ක් පීඩාවට දින කිහිපයක සිට ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාව සහ තද සුළං හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 146ක සාමාජිකයින් 494 ක් අද(19) වනවිට පිඩාවට පත්ව ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි. 19 May 2020
කුරුණෑගල රණවිරු ස්මාරකයට උපහාර පුදයි කුරිරු ත්‍රස්තවාදී යුද්ධයේදී දිවි පිදූ රණවිරුවන් සිහිපත් කරන අද (19) දිනට යෙදී 11 වන රණවිරු සැමරුම කුරුණෑගල රණවිරු සැමරුම් ස්මාරකය අභියසදී පැවැත්විණි. 19 May 2020
සබරගමුව සරසවියට නව වැඩබලන උපකුලපතිවරයෙක් ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ නව වැඩබලන උපකුලපතිවරයා ලෙස මහාචාර්ය ඩබ්. කේ. අතුල ඥාණපාල මහතා පත් කර තිබේ. 19 May 2020
මුහුදු කුඩැල්ලන් සමග සිව්දෙනකු අත්අඩංගුවට ධීවර යාත්‍රා දෙකකින් ප්‍රවාහනය කරමින් තිබූ මුහුදු කූඩෑල්ලන් කිලෝ 750 ක් සැකකරුවන් සිව් දෙනෙකු සමග කල්පිටිය කළපුව අසලදී අද (19) කල්පිටිය පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබිය. 19 May 2020
අධික සුළඟෙන් බෙලිඅත්තේ ගස් කඩා වැටෙයි හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද(19) ඇති වූ අධික සුළං තත්ත්වය සහ වර්ෂාව හේතුවෙන් ස්ථාන කිහිපයක ගස්කොළන් කඩා වැටීම නිසා නිවෙස්වලට හානි සිදුව තිබූ අතර අතුරු මාර්ග අවහිර වී තිබිණි. 19 May 2020
මුතු පන්තිය දූපත යළිත් අනතුරේ පවතින වැසි සහිත කාලගුණ තත්වය හමුවේ මුතුපන්තිය දුපත දරුණු මුහුදු ඛාදනයට ලක්වි ඇති බව එහි පදිංචි ධිවරයින් පවසයි. 19 May 2020
අයගම පහත්බිම් රැසක් යට වෙයි රත්නපුර දිස්ත්‍රික්කයට පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් අයගම ඇගල්ඔය මාර්ගය යකහටුවෙල ප්‍රාදේශයෙන් ගංවතුරට යටවී ඇති බවත් අයගම ප්‍රදේශයේ පහන් බිම් රැසක් ජලයෙන් යටවී ඇති බවත් අයගම පොලිසිය කියයි. 19 May 2020
කොබෙයිගනේ හෝටල් -ව්‍යාපාරික ස්ථානවල ආහාර ගැනීම තහනම් කොරෝනා වයිරස් ආසාදිතයෙකු වාර්තා වූ කොබෙයිගනේ නගරයේ හෝටල් ව්‍යාපාරික ස්ථාන මේවන විට විවෘත කර ඇති අතර ,ආපන ශාලා තුල ආහාර ගැනීම මෙන්ම තේ පානය කිරීමද සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බව කොබෙයිගනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අද (19)පැවසීය. 19 May 2020
සහල් වැඩි මිලට විකිණු 19 කට නඩු රජයේ පාලන මිලට වඩා වැඩිමිලට සහල් විකිණීම, මිල ප්‍රදර්ශනය නොකිරීම හා කල්ඉකුත් වූ භාණ්ඩ අලෙවි කිරීම් සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ වෙළදුන් 19 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව ගාල්ල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. 19 May 2020
මුවකු දඩයම් කළ තිදෙනෙක් අත්අඩංගුවට අනවසර විදුලි රැහැන් ඇද උගුල් අටවා මුවකු දඩයම් කළ බණ්ඩාරවෙල කිරිඔරුව ප්‍රදේශයේ පුද්ගලයින් තිදෙනෙකු අද (19) අත්අඩංගුවට ගත් බව තංගමලේ වනජීවී කාර්යාලය කියයි. 19 May 2020
ඉබ්බන් 6 දෙනෙකු රැගෙන යමින් සිටි දෙදෙනෙක් අත්අඩංගුවට ඉබ්බන් හය දෙනෙකු යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු ආණමඩුව මැරුන්ගොඩ මහඋස්වැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ආණමඩුව පොලිසය කියයි. 19 May 2020
ගෙවත්තක තිබී ජීව අත්බෝම්බයක් හමුවෙයි පෝද්දල පොලිස් වසම තුළ පිහිටි නමුනුකුල වතු සමාගමටඅයත් සීට්රස්වත්තේ කැලෑ රොදක තිබී ජිව අත් බෝම්බයක් සොයා ගත් බව පෝද්දල පොලිසිය පවසයි 19 May 2020
මාතලේ ග්‍රාම නිලධාරී වසම් 136 ක් අවදානමක අධික වර්ෂාව සහිත කාලගුණික තත්වය හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 11 ක ග්‍රාම නිලධාරි වසම් 136 අවදානමට ලක්ව ඇති බව මාතලේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ චමින්ද අමරවිර මහතා අද (18) පැවසීය. 18 May 2020
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025