IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


දකුණේ වසා දැමුණු ලී මෝල් 80 ක් යළි නිෂ්පාදන කටයුතු අරඹයි

( ජේ.කේ.එල්. චාමින්ද)

කොරෝනා වසංගතයත් සමග වසා දැමු දකුණු පළාතේ කොහු මෝල් 80ක් පමණ මේ වනවිට විවෘත කර  නිෂ්පාදන කටයුතු කරගෙන යන බැව් පොල් සංවර්ධන අධිකාරියේ දකුණු පළාත්භාර ක්ෂේත්‍ර නිලධාරි ඒ.ජි.එස් රංගජිව මහතා පවසයි.
 
දකුණු පළාත තුළ   පොල් සංවර්ධන අධිකාරියේ නියාමනය යටතේ කොහු මෝල් 105ක් පමණ ඇති බව සදහන් කළ ක්ෂේත්‍ර නිලධාරි ඒ.ජි.එස් රංගජිව මහතා  කොහුමෝලවල නිෂ්පාදන  කටයුතු ආරම්භ කිරිම නිසා කොහු හා කොහුබත්වල කිසිදු හිගයක් නොමැති බව ද සදහන් කළේය.
 
 එමෙන්ම  දකුණු පළාතේ ඇති පොල්කටු අගුරු උදුන් නිෂ්පාදන ආයතන 23ම මේ වනවිට විවෘත කොට ඇති බවද හෙතෙම පවසයි.
 
කොරෝනා වසංගතයත් සමග කොහු හා කොහු ලණු මිල අඩුවි ඇති බවත්  මේ නිසා කොහුමෝල් හිමියන් ගැටළු රැසකට ලක්ව ඇති බවද ඒ.ජි.එස් රංගජිව මහතා  සදහන් කළේය. කොහු , කොහු බත් , කොහු ලුණු සදහා දකුණු පළාත තුළ නිශ්චිත වෙළද පොළක් නොමැතිවිම ප්‍රධාන ගැටළුවක් බවද  හෙතෙම පෙන්වා දෙයි.
 
 කොහු මෝල හිමියන් සදහා පොල් සංවර්ධන අධිකාරියේ මැදිහත්විමෙන් වසර 07කින් ගෙවිමේ පදනම යටතේ  උපරිම රුපියල් ලක්ෂ 20ක ණය මුදලක් ලබාදි  තිබුනා.  කොරෝනා වසංගතය නිසා ණය ලබාගත් කොහු මෝල්  හිමියන් සදහා මාස 06 ණය වාරික ගෙවිමේ සහන කාලයක් ලබාදි තියෙනවා.ඒ ගැන කොහු මෝල් හිමියන් දැනුවත්කොට ඇති බවද රංගජිව මහතා සදහන් කළේය.



අදහස් (0)

දකුණේ වසා දැමුණු ලී මෝල් 80 ක් යළි නිෂ්පාදන කටයුතු අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 784 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2432 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site