IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


තංගල්ලේ පොහොට්ටුවේ මන්ත්‍රී සහ එජාප සභාපති වචන හුවමාරුවක

(අනීෂා මානගේ)

තංගල්ල නගරයේ කාණු පද්ධති පිරිසුදු නොකීරීම පිළිබඳව තංගල්ල නගසභාවේ මන්ත්‍රී ගයාන් සමිද්ද(පො.ජ.පෙ) මහතා ඉදිරිපත් කළ අදහසක් සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරයා සහ සභාපති රවිඳු දිල්ෂාන් වෙදආරච්චි(එ.ජා.ප) මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් අද(19) ඇතිවිය.
 
තංගල්ල නගරසභාවේ මැයි මස සභාවාරය අද(19) පැවැති අතර වර්ෂා කාලයේදී තංගල්ල නගරයේ කාණු පද්ධති උතුරා යාම සම්බන්ධයෙන් පොදුජන පෙරමුණ මන්ත්‍රී ගයාන් සමිද්ද මහතා කරුණු ඉදිරිපත් කළේය. එහිදී සභාපති රවිඳු දිල්ෂාන් වෙදආරච්චි මහතා සහ ගයාන් සමිද්ද මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් හට ගත්තේය.
 
නගරසභාව සතුව සිටින කම්කරුවන්ගේ අඩුපාඩුව හේතුවෙන් දවසේ පඩියට කම්කරුවන් පස් දෙනකු යොදවා කාණු පද්ධති පිරිසුදු කිරීමට ගයාන් සමිද්ද මහතා යෝජනා කළේය.
 
ගයාන් සමිද්ද මහතාගේ අදහස්වලට පිළිතුරු දෙමින් සභාපති රවිඳු දිල්ෂාන් වෙදආරච්චි මහතා මෙසේ කීවේය.
“හැමවෙලාවෙම එක එක තැන්වලට ගිහින් නගරසභාවට බනින්න එපා. කවදාවත් හොඳක් කියන්නෙ නැහැනෙ. තමන් දීමනාව ලබා ගන්න සභාවයි මේක. ගැටළුවක් ඇති වුණා නම් මං සමඟ සාකච්ඡා කරලා විසඳන්න තිබුණා. දවසේ පඩියට කම්කරුවන් බඳවා ගන්න අපිට අනුමැතිය දෙන්නේ නැහැ. අපිට ඕන ඕන වෙලාවට මිනිස්සු ගන්න බැහැ. ඉන්න ප්‍රමාණයට යොදවලායි අපිට වැඩ කරන්න සිදුව තිබෙන්නේ. මන්ත්‍රීතුමා යෝජනා ඉදිරිපත් කරන්නේ වටෙන් ගහලායි. සභාවට ඇවිත් කතා කරන දේ නෙවෙයි සමාජයට ගියාම තියෙන්නේ.
 
ව්‍යසනයක් තිබෙන වෙලාවක ඇයි මේ ගැටළු ඇති කරන්නේ. ගයාන් මන්ත්‍රීතුමා හැමදාම ඇවිත් අපේ සේවකයන්ට මොනවාහරි කියනවා. සභාව පාවල දීලා හැමදාම මොකක්හරි පැමිණිල්ලක් කරනවා. ඒක පුරුද්දක් කරගෙන. මම ගිහින් අනිත් මන්ත්‍රීවරු විවේචනය කරන්නෙ නැහැ. හැම කෙනෙකුටම මම බලය දීල තිබෙනවා කාවහරි ගෙන්නගෙන වැඩක් කරන්න. එකමුතුව වැඩ කරන්න. මගේ සේවකයන්ට කෑ ගහනකොට මට කේන්ති යනවා. මේ අය ජීවිතේට හොඳක් කියන්නෙ නැහැ”
 
මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී චින්තක කැළුම්, පොදුජන පෙරමුණ මන්ත්‍රීවරුන් වන යද්දෙහිගේ ඩග්ලස්, ලංකාදීපනී මුතුකුමාරණ සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ජේ.එම්.සී.ඩී ජයසුන්දර මහතාද අදහස් දැක්වූයේය.
 



අදහස් (0)

තංගල්ලේ පොහොට්ටුවේ මන්ත්‍රී සහ එජාප සභාපති වචන හුවමාරුවක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 784 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2432 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site