ඩී.ජී.සුගතපාල
දින කිහිපයක සිට ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාව සහ තද සුළං හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 146ක සාමාජිකයින් 494 ක් අද(19) වනවිට පිඩාවට පත්ව ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
පිඩාවට පත් වැඩිම පිරිසක් වාර්තාවන්නේ ඇල්පිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙනි.
තද සුළං නිසා ඇල්පිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ නිවාස 48කට අර්ධ හානි සිදුව පුද්ගලයින් 162ක් පීඩාවට පත්ව ඇත.
අකුණු සැර වැදිමෙන් ඉමදුව ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර නියාගම සහ හික්කඩුව ප්‍රදේශවල නිවාස දෙකකට පූර්ණ හානි සිදුව ඇත.
ගාල්ල දිස්ත්‍රික් සහන සේවා මධ්‍යස්ථානයේ නිලධාරියෙකු පැවසුවේ ඊයේ (18) පෙරවරුවේ සිට නෙළුව සහ තවලම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලට තද වැසි ලැබෙමින් පැවති බවය.
ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසුවේ ආපදාවට පත්ව සිටින පිරිස් වලට අවශ්‍ය සහන සැළසිමට සහ හානිවු නිවාස සඳහා වන්දි ලබා දිමට කඩිනමින් කටයුතු කරන බවය.
මේ වනවිට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 19ටම ආපදා තත්වය බලපා ඇති බවද විශේෂයෙන්ම ගිංගඟ දෙපස පහත්බිම් වල සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙස දැනුවත් කර තිබේ.
හදිසි ගංවතුර තත්වයක් ඇතිවිය හැකි ප්‍රදේශවල දැනටමත් බෝට්ටු සහ අඟුල් ස්ථාපිත කර ජිවිතාරක්ෂක කණ්ඩාම්ද සූදානමින් තබා තිබෙන බවද දිස්ත්‍රික් ලේකම් සොම්රත්න විදානපතිරණ මහතා වැඩි දුරටත් පැවසිය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
වැස්සෙන් ගාල්ලේ පුද්ගලයින් 494ක් පීඩාවට