නීතී විරෝධිව ගවයින් ප්‍රවාහනය කළ තිදෙනකු අත්අඩංගුවට නීති විරෝධීව, කිසිදු බලපත්‍රයක් නොමැතිව හිංසා කාරී අයුරින් ගවයන් ප්‍රවාහනය කල ජීප් රථයක් පොලිස් අණනොතකා ධාවනය වු අවස්ථාවේ පොලිස් ජීප් රථයකින් මග අහුරා සැකකරුවන් තිදෙනෙකු සමඟ අද (21දා) අත්අඩංගුවට ගැනීමට උතුරුමැද පළාතබාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා යටතේ ක්‍රියාත්මක දිසා වැටලිම් ඒකකයට හැකිවි තිබේ. 21 May 2020
හරොයින් සමඟ ගැබිනිය අත්අඩංගුවට හෙරොයින් ග්‍රෑම් 15ක් සමඟ ගැබිනි කාන්තාවක් අත් අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පවසයි. 21 May 2020
උතුරු පයාගල ධීවර ජැටිය පිටුපස මළ සිරුරක් උතුරු පයාගල දුම්රිය පොළ පිටුපස ධීවර වරායේ ජැටියේ ගල්පර අතර සිර වී තිබූ නාදුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (21) හමුවූ බව පයාගල පොලිසිය කියයි . 21 May 2020
වෙල්ලස්ස සරසවියේ පාඨමාලා 4ට අයැදුම්පත් කැඳවීම ජූනි 15 දක්වා දීර්ඝ කරයි ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උපාධි පාඨමාලා හතරක නවක සිසුන් බදවා ගැනීමට අදාල අභියෝගතා පරීක්ෂණය සදහා අයදුම්පත් බාර ගැනීම ජුනි මස 15 වනදා තෙක් දීර්ඝ කර තිබෙන බව එම විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පැවසීය. 21 May 2020
තරුණිය බේරගන්න ගිය දෙදරු පියා දියේ ගිලී අතුරුදන් සියදිවි හානිකර ගැනීමට ඉහල කොත්මලා ජලාශයට පනින ලද තරුණියක බේරා ගැනීමට උත්සාහ ගන්නා ලද පුද්ගලයෙකු ජලයේ ගිලී අද (21) අතුරුදන්ව ඇතැයි තලවකැලේ පොලීසිය පවසයි. 21 May 2020
බේරුවල කොණ්ඩා කපන ස්ථාන විවෘත කරයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානවලට පැමිණෙන්නන් අවසරලත් සැලුන් වෙත දුරකථනයෙන් අමතා කලින් වේලාවක් වෙන්කර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කර පැමිණ එම කටයුතු සිදු කරගත යුතුයැයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීහු කියති. 21 May 2020
මුරකරු යාබද වත්තේ කම්කරුවකුට වෙඩි තබයි නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත්,දලුව අක්කර 900 නම් වත්තේ මුරකරු විසින් අද (21 ) උදෑසන යාබද වත්තේ සිටි කම්කරුවකුට වෙඩි තබා ඇතැයි නොරොච්චෝල පොලිසිය පවසයි. 21 May 2020
සිංගප්පූරුවේ බෞද්ධ දායකයන්ගෙන් ගෝණකුඹුරේ ජනතාවට ආධාර කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පනවා ඇති සීමා නිසා පීඩාවට පත්වූ රත්නපුර ගෝණකුඹුර ශ්‍රී විමලකිත්තියාම විහාරස්ථානය අවට වැසියන්ට සිංගපූරුවේ පදිංචි බෞද්ධ දායකයින් විසින් ලබාදුන් වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීම අද (21) එම විහාරස්ථානයේ දි සිදුවිය. 21 May 2020
පුංචි ශ්‍රී පාද රක්ෂිතයේ ගින්න නිවයි බණ්ඩාරවෙල ඇල්ල පුංචි ශ්‍රී පාද රක්ෂිතයේ ඇතිවූ ගින්නක් අද (21) අලුයම වන විට සාර්ථකව මැඩ පැවැත් වූ බව තංගමලේ වනජීවී කාර්යාලය පැවසීය . 21 May 2020
මුව මස්තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට අණ නොතකා ධාවනය කළ නවීන පන්නයේ මෝටර් රථයක් පසු පස හඹා ගිය කරුවලගස්වැව පොලීසියට කාර් රථය සහා එහි තිබූ මුව මස් කිලෝ 30 පමණ ප්‍රමාණයක් රියදුරු සමඟ අද( 21 ) පෙරවරුවේ අත් අඩංගුවට ගැනීමට හැකිවී ඇත. 21 May 2020
ගිනි අවි රැසක් සමඟ දෙදෙනකු අත්අඩංගුවට ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ලද ගිනි අවි රැසක් සමග සැකකරුවන් දෙදෙනෙකු හැටන් පොලිස් කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත. 21 May 2020
වැඩිමිලට කහ - සහල් විකිණූ වෙළෙන්ඳන් 6 දෙනෙකුට නඩු රජයේ පාලන මිලට වඩා වැඩිමිලට කහ කුඩු අලෙවිකළ වෙළඳුන් දෙදෙනෙකුට හා සහල් අලෙවිකළ වෙළඳුන් 04 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව ගාල්ල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි. 21 May 2020
හෙරොයින් සමඟ කාන්තාවක් අත්අඩංගුවට හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 03 ක් හා මිලිග්‍රෑම් 200 ක් සමඟ සිව්දරුමවක් ඊයේ (20) රාත්‍රී හික්කඩුව නාරිගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත්බව හික්කඩුව පොලිසිය පවසයි. 21 May 2020
ගංජා-මත්කුඩු ජාවාරමේ යෙදුණු පොලිසියේ දෙදෙනකු ඇතුළු 4 ක් අත්අඩංගුවට කේරල ගංජා හා අයිස් මත් ද්‍රව්‍ය ජාවාරමක නිරත වෙමින් සිටි පොලිස් සැරයන්වරයකු හා උප පොලිස් පරික්ෂකවරයකු සමග තවත් සැකකරුවන් දෙනෙකු අද (20) අත්අඩංගුවට ගනු ලැබීය. 20 May 2020
රාමාඤ්ඤ මහා නිකායේ අනු නායක බලන්ගොඩ ප්රඥවංශ හිමියෝ අපවත් වෙති ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහා නිකායේ අනු නායක බලන්ගොඩ බලගහමුල සිරි විිර සුන්දරාමාධිපති බලන්ගොඩ ප්රඥවංශ අනුනායක හිමියෝ අද (20) පස්වරුවේ දි අපවත් වුහ. 20 May 2020
ගංවතුරින් මාතර පවුල් 163 ක පුද්ගලයන් 680 ක් පීඩාවට මාතර දිස්ත්‍රික්කයට ඊයේ (19) දින ඇදහැළුණු අධික වර්ෂාවෙන් හා තද සුළං හේතුවෙන් පවුල් 163 ක පුද්ගලයින් 680 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා අද (20) පැවසීය . 20 May 2020
ගංජා කිලෝ 46 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට කොළඹට ප්‍රවාහනය කිරීමට සඳහා සූදානම් කර තිබූ ගංජා කිලෝ 46 ක් සමඟ සැකකරුවෙකු අද (20) අත්අඩංගුවට ගත්බව හම්බෙගමුව පොලිසිය පවසයි. 20 May 2020
අනාරක්ෂිත විදුලි රැහැනක පැටලී පුද්ගලයෙක් මරුට අරලගංවිල පොලිස් වසමට අයත් සිරිපුර ප්‍රදේශයේ පිහිටි කුඹුරකට ඇද තිබූ අනාරක්ෂිත විදුලි රැහැනකට පැටලී අද(20) පුද්ගලයෙකු මරුමුවට පත්වී ඇතැයි අරලගංවිල පොලීසිය කියයි. 20 May 2020
මස්කෙළිය ඔය පිටාර ගැලීමෙන් පවුල් 30 ක් පීඩාවට මවුස්සාකැලේ ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා මස්කෙලියඔය පිටාර ගැලිමෙන් (19) දින පවුල් 30 කට අයත් සමාජිකයන් 102 පිඩාවට පත් වි ඇති බව ආපද ා කළමණාකර ඒකකය පැවසිය. 20 May 2020
සමස්ථ ලංකා හෙද සංගමය මහනුවරදී නිහඩ විරෝධතාවක් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සමස්ථ ලංකා හෙද සංගමය අද (20) දින මහනුවර ජාතික රෝහල ඉදිරිපිට නිහඩ විරෝධතාවක් පැවැත්වුහ. 20 May 2020
සෞඛ්‍ය පරීක්ෂකට බැන්න කරණවෑමියා අත්අඩංගුවට බණ්ඩාරගම අලුත්ගම ප්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට බැන තර්ජනය කර රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් කරණවෑමියෙකු හා ඔහුගේ බිරිඳ අද (20) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි. 20 May 2020
අනවසර ඉදි කිරීමක් ඉවත් කිරීමට ගොස් උණුසුම් තත්ත්වයක් අම්බලන්ගොඩ දලුක්කන්ද ප්‍රදේශයේ අම්බලන්ගොඩ නගර සභාවට අයත් ඉඩමක ඉදිකර තිබූ අනවසර නිවසක් අද (20 ) ඉවත් කිරීමට යාමේදී නිවැසියන් හා අම්බලන්ගොඩ නගර සභා නිලධාරීන් අතර දැඩි උණූසුම් තත්ත්වයක් ඇතිවිය . 20 May 2020
ඇල්පිටියේ සුළඟින් සිදුවූ හානි සඳහා කඩිනමින් සහන පසුගියදා ඇතිවූ දැඩි සුළඟින් හානියට පත් වූ ඇල්පිටිය ප්‍රදේශයේ පාසල් හා නිවාස නිරීක්ෂණය කිරීම සදහා දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා අද (20) සහභාගී විය. 20 May 2020
කුඹුක් ගසක් සුළඟට පෙරලී වැව් බැම්මට හානි නාඋල ප්‍රදේශයට ඊයේ රාත්‍රි (19) හමාගිය සුළං තත්ත්වය හමුවේ නාඋල - පෙනලබොඩ වැව් බැම්මේ පිහිටි වසර 200 ක් පමණ පැරණි විශාල කුඹුක් ගසක් කඩාවැටී ඇතැයි ගොවිහු කියා සිටිති. 20 May 2020
එළ වැස්සියන් ඝාතනය කරවිකිණීමේ ජාවාරමක් මස් පිණිස ඝාතනය කිරීම තහනම් වූ එළ වැස්සියන් හොර රහසේ ඝාතනය කර විකිණීමේ ජාවාරමක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අද (20) හාලිඇල ගව ඝාතකාගාරයේදී බදුල්ල පොලිස් කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය අංශය මඟින් අත් අඩංගුවට ගනු ලැබීය. 20 May 2020
දිවුලපිටිය සභාපති ඉවතට : උප සභාපතිට වැඩ පැවරේ දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති නන්දකුමාර සකලසූරිය මහතා පොදු ජන පෙරමුණ එම පදවියෙන් ඉවත් කර සභාපති පදවියේ වැඩ බැලීම සඳහා බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මහතා විසින් එහි උප සභාපතිවරයා වූ ඉන්දික ජයසිංහ මහතා පත් කරනු ලැබී ය. 20 May 2020
දුම්රිය අංගනයේ සිට බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය වීසි කිරීමට තැත්කළ අයෙක් අත්අඩංගුවට ගාල්ල දුම්රිය අංගනයේ සිට ගාල්ල බන්ධනාගාරයේ තාප්පයට උඩින් බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය තොගයක් දැමීමට තැත් කල පුද්ගලයකු ගාල්ල දුම්රිය ස්ථානයේ ආරක්ෂක නිලධාරින් විසින් අද (20) දහවල් අත් අඩංගුවට ගෙන ගාල්ල පොලිසිය වෙත බාරදෙන ලදී. 20 May 2020
වැස්සෙන් මහනුවර පුද්ගලයින් 540ක් පීඩාවට මධ්‍යම කඳුකරය පුරා පසුගිය දින කිහිපය තුල පැවැති අධික වැසි සහ සුළං සහිත කාලගුණ තත්වය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 130 කට අයත් පුද්ගලයින් 540 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. 20 May 2020
ගංජා කිලෝ එක හමාරක් සමග සිව්දරු මව අත්අඩංගුවට බලන්ගොඩ කල්තොට වැලිපතයා කෝංගහමන්කඩ ප්‍රදේශයේ දි ගංජා කිලෝ එක හමාරකට ආසන්න ප්‍රමානයක් සමග කාන්තාවක අද (20) අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි. 20 May 2020
උඩවලව වනෝද්‍යානයේ ඇත් පැටවාට වෙඩි තැබු තිදෙනෙකු අත්අඩංගුවට උඩවලව ඇත් අතුරු සෙවණේ ඇති දැඩි කර එම වනොද්‍යානයට මුදා හැර සිටියදී පසුගියදා වෙඩි තබා ඝාතනය කර සිටි පොකුණා නැමැති ඇත් පැටවාගේ මරණය සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙක් වෙඩි තැබීමට යොදා ගත් බව කියන තුවක්කුව සමග උඩවලව පනහඩුව බැලවානාගල ප්‍රදේශයේදී උඩවලව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගනු ලැබීය. 20 May 2020
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025