සමන් පාලිත නානායක්කාර
බණ්ඩාරවෙල ඇල්ල පුංචි ශ්‍රී පාද රක්ෂිතයේ ඇතිවූ ගින්නක් අද (21) අලුයම වන විට සාර්ථකව මැඩ පැවැත් වූ බව තංගමලේ වනජීවී කාර්යාලය පැවසීය .
ඊයේ රාත්‍රී අටට පමණ ඇති වූ ගින්නෙන් අක්කර පහක පමණ ප්‍රදේශයක් විනාශ වී තිබේ .
ඇල්ල පොලිසිය සහ ප්‍රදේශවාසිහු සමඟ එක්ව වනජීවී නිලධාරීහු ගින්න මැඩ පැවැත්වීම හේතුවෙන් විශාල විනාශයක් වළකාගත හැකි වූ බව තංගමලේ වනජීවී කාර්යාලයේ අඩවි වන ආරක්ෂක බී එස් පී එස් බුලත්සිංහල මහතා පැවසීය.


COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.