(රෝහණ සමරවීර)
උඩවලව ඇත් අතුරු සෙවණේ ඇති දැඩි කර එම වනොද්‍යානයට මුදා හැර සිටියදී පසුගියදා වෙඩි තබා ඝාතනය කර සිටි පොකුණා නැමැති ඇත් පැටවාගේ මරණය සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙක් වෙඩි තැබීමට යොදා ගත් බව කියන තුවක්කුව සමග උඩවලව පනහඩුව බැලවානාගල ප‍්‍රදේශයේදී උඩවලව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
උඩවලව පොලිසියේ බුද්ධි අංශයේ නිලධාරීන් වන පොලිස් සැරැයන් ඉන්දික පතිරණ පොලිස් කොස්තාපල් කේ.ඩබ්. බී. එස්. වීරසිංහ යන නිලධාරීන් දැඩි වෙහෙසක් දරා සොයාගත් තොරතුරු එම පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක එම්.එස් දයාසිරි මහතාට දැන්වීමෙන් අනතුරුව මෙහෙයුම සිදුකර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවෝ උඩවලව පහඩුව ප‍්‍රදේශයේ පදිංචි 34,35,36 යන වයස් සීමාවන්වල පසුවන්නෝ වෙති.
මෙම සිදුවීමට පෙර එම සැකකරුවන්ට වනෝද්‍යානයට ඇතුල්වී සතුන් දඩයම් කිරීම සම්බන්ධයෙන් චෝදනා යටතේ මේ වන විටත් අධිකරණයේ නඩු විභාග වෙමින් ඇති බවට තොරතුරු අනාවරණය වු බව උඩවලව පොලිසිය පවසයි.
සැකකරුවන් ඇත් පැටවාට වෙඩි තබා මරා දැමීමෙන් අනතුරුව වෙඩි තැබීමට යොදාගත් තුවක්කුව,වෙඩි බෙහෙත්,මූනිස්සම් කැට,ඊයම් බෝල වන රොදක සගවා තිබියදී පොලිස් බාරයට ගෙන තිබේ.
සැකකරුවන් දඩයමේ යෙදෙමින් කසිප්පු ජාවාරම කරගෙන යන තැනැත්තන් බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.
වෙඩි තැබීම සිදු වු දින එම පුද්ගලයන් පිරිස උඩවලව වනෝද්‍යානයට හොර රහසේ ඇතුල්වී ජලාශය ඉසිමත්තේ පිහිටි කෙම්තුනේගල ප‍්‍රදේශයට පැමින ඇත්තේ කසිප්පු පෙරීම සදහාය.
නමුත් කසිප්පු පෙරීම සදහා දින කීපයකට පෙර එම සැක කරුවන් විසින්ම සකස් කර එම කැළැයේ සගවා තිබූ ගෝඩා මියගිය ඇත් පැටවා එම අවස්ථාවේ පානය කරමින් සිට තිබේ. එම දර්ශනය දුටු සැකකරුවන් කෝපයට පත්ව ඇත් පැටවාට වෙඩි තබා මරා දැමූ බවට සැක කරුවන්ගෙන් ප‍්‍රශ්න කිරීමේදී හෙළි වු බව පොලිසිය කියයි.
2013 වසරේ මෙම ඇත් පැටවා සිය මවගෙන් මග හැරී පොකුණුතැන්න ප‍්‍රදේශයේ සිය මව සොයමින් එහෙ මෙහෙ ඇවිදිමින් සිටියදී උඩවලව ඇත් අතුරු සෙවණේ නිලධාරීන් දැක ඇත් අතුරු සෙවණට රැගෙන විත් පොකූණා නැමැති සුරතල් නාමය යටතේ ඇති දැඩි කර තිබේ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
උඩවලව වනෝද්‍යානයේ ඇත් පැටවාට වෙඩි තැබු තිදෙනෙකු අත්අඩංගුවට
SL Wednesday, 20 May 2020 06:06 AM
මේ රට කන එක සෙට් තමා. නඩු පරක්කු කරකර දඬුවම් දෙන්නේ නැතිව ,සල්ලි හම්බ කරනවා .දඬුවම් නැති අය එළියට වෙලා නැවත නැවත අපරාධ කරනවා.