දැරියක් අපයෝජනය කළ තරුණයෙක් අත්අඩංගුවට වයස අවුරුදු 15 ක හා මාස 04ක බාලවයස්කාර දැරියක් නිත්‍යානුකුල භාරකාරත්වයෙන් අපහරණය කොට ස්ත්‍රි දුෂණයක් කිරිම සම්බන්දයෙන් 19 හැවිරිදි තරුණයකු රත්ගම රණපනාදෙණිය ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත්බැව් රත්ගම පොලිසිය පවසයි. 26 May 2020
කොස් දැව තොගයක් සොරකම් කළ සිව් දෙනෙකු අත්අඩංගුවට රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා කොස්දැව තොගයක් සොරකම් කිරිම, සොරභාණ්ඩ බැහැර කිරිම හා මිලදි ගැනිමේ චෝදනාව යටතේ සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගත්බැව් පොද්දල පොලිසිය පවසයි. 26 May 2020
හෙරොයින් සමඟ ධීවරයෙක් අත්අඩංගුවට දෙවිනුවර වැල්ලවත්ත ප්‍රදේශයේදි හෙරොයින් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 400 ක් සන්තකයේ තබාගෙන සිටි ධීවරයෙකු අද (25) රාත්‍රී අත් අඩංගුවට ගත් බව ගන්දර පොලිසිය පවසයි. 25 May 2020
බලපත් නොමැති ගල්කොරියක් වටලයි පොල්ගහවෙල ලේකම් කොට්ඨාසයේ අරඹේපොල බලපත් නොමැතිව නොමැතිව පවත්වාගෙන ගිය විශාල ගල් කොරියක් අදද (25) දා වැටලූ බව භූ විද්‍යා හා පතල් කාර්යාංශය පවසයි. 25 May 2020
යතුරු පැදි සොරකම් කළැයි 4 ක් රිමාන්ඩ් දකුණු පළාතේ විවිධ ප්‍රදේශවලින් සොරකම් කරන ලද එකම වර්ගයේ යතුරු පැදි 27ක් සමග අත් අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ඇතුලු සැකකරුවන් හතර දෙනෙකු ලබන මස 8වනදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(25) නියෝග කලේය. 25 May 2020
බූස්ස කඳවුරේ නිරෝධායනය වු තවත් 14 ක් පිටව යති ගාල්ල බූස්ස නාවික හමුදා කදවුරේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයේදී නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කළ ජාත්‍යන්තර නෞකා ආරක්ෂණ රාජකාරී කටයුතුවල නිරත තවත් පුද්ගලයින් 14 දෙනෙක් අද (25) එම මධ්‍යස්ථානයෙන් පිටව ගිය බව නාවික හමුදාව පවසයි. 25 May 2020
වෙනිවැල්ගැට කිලෝ 190 ක් සමග පුද්ගලයකු අත්අඩංගුවට පිටිගල පොලිස් වසමට අයත් මානම්පිට ප්‍රදේශයේ නිවසක බලපත්‍රයක් නොමැතිව ළග තබාගෙන සිටි වෙනිවැල් ගැට කිලෝ 190 ක් අද (25)දහවල් අත් අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලිස් දූෂණ මර්දන අංශය පවසයි . 25 May 2020
බදුලුඔය ඉවුරෙන් නාඳුනන මළ සිරුරක් බදුල්ල දෙයියන්නේවෙල ප්‍රදේශයේ බදුලුඔය ඉවුරේ තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් අද (25) දහවල් සොයාගත් බව බදුල්ල පොලීසිය පවසයි. 25 May 2020
බදගිරියේ උණුසුම් තත්වයක් : ආරක්ෂාවට හමුදාව හා පොලිසියත් කැඳවයි හම්බන්තොට බදගිරිය ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වු ගැටුමක් හේතුවෙන් පහර කෑමට ලක් වු එක් අයෙකු රෝහල් ගතකර ඇති අතර ප්‍රදේශයේ ආරක්ෂාව සදහා යුද හමුදාව හා විශේෂ පොලිස් කණ්ඩායමක් බදගිරියට කැදවීමට හම්බන්තොට පොලිසිය කටයුතු කර තිබේ. 25 May 2020
කුඩා ධීවර බෝට්ටුවලට ධීවර කටයුතුවලට අද සිට අවසර පැවැති වැසි සහිත කාලගුණික හා කුණාටු තත්වය හේතුකොට ධීවර කටයුතු සඳහා තහනම් කර තිබූ කුඩා ධීවර යාත්‍රා සඳහා යළි අද (25) සිට මසුන් ඇල්ලීමේ කටයුතු වලට අවස්ථාව ලබාදීමට ධීවර දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළහ. 25 May 2020
බඹරු ඇනීමෙක් තිදරු මවක් ජීවිතක්ෂයට තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (25) දින එල්ල වු බඹර ප්‍රහාරයකින් තිදරු මවක් ජිවිතක්ෂයට පත් වි ඇති බව හැටන් පොලිසිය පවසයි. 25 May 2020
ග්‍රාම නිලධාරීයාට තර්ජනය කළ පුද්ගලයකු අත්අඩංගුවට ඇදිරිනීතිය පවත්නා අවස්ථාවේ ග්‍රාම නිලධාරීවරයකුට බැන තර්ජනය කර ඔහුගේ රාජකාරියට බාධා කළ බව කියන කන්දකැටිය මුඩගමුව ප්‍රදේශයේ පුද්ගලයෙකු අද (25) උදෑසන සැකපිට අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි. 25 May 2020
දිවියකුගේ සපා කෑමට ලක් වු පුද්ගයෙක් රෝහලේ මීගහකිවුල කිවුල ගම්මානයේදී දිවියකු සපා කෑමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු අද (25) අලුයම මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල පළාත් මහ රෝහල වෙත ඇතුළත් කර ඇත. 25 May 2020
ඇඳිරිනීතියේදී වෙළෙඳසැල් දෙකකට හොරු පනිති ඇදිරි නිතිය පනවා තිබියදි අද (25) දින අලුයම වෙලදසැල් දෙකක් බිද එම වෙලදසැල් වල තිබු මුදල් , දුම්වැටි සහ භාණ්ඩ සොරාගෙන ඇති බව දිඹුල පොලිසිය පැවසිය. 25 May 2020
අකුරල ඇවිදන මං තීරුව අසළ මුහුදු ගල්වැටියක මළ සිරුරක් තිබී හමුවෙයි අකුරල ඇවිදින මංතීරුව අසළ මුහුදු අන්තයේ ගල් වැටියක තිබී අභිරහස් අයුරින් මියගිය පිරිමි අයකුගේ මළ සිරුරක් අද (25 ) උදේ සොයා ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි 25 May 2020
සඳහිරු සෑයේ හතරැස් කොටුවේ පාදමට මුල්ගල් තබයි අනුරාධපුර පුද බිමේ ඉදිකෙරෙන සඳහිරු සෑය දාගැබේ හතරැස් කොටුවේ පාදමට මුල්ගල තැබීම අද (25) උදෑසන සුබ මොහොතින් සිදු කෙරිණි. 25 May 2020
මධ්‍යම පළාතේ ප්‍රා.ලේ. කොට්ඨාස දෙකක නාය අවදානම් නිවේදනය දීර්ඝ කරයි මධ්‍යම පළාත තුළ පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් පළාතේ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස දෙකකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් නිකුත් කර ඇති නායයෑමේ අවදානම් නිවේදනය අද (25) සවස පහ දක්වා දීර්ග කරනු ලැබ තිබේ. 25 May 2020
අධිකරණය මගහරිමින් සිටි අයෙක් වසර තුනකට පසු අත්අඩංගුවට වසර තුනක කාලයක සිට අධිකරණය මගහරිමින් සිටි වරෙන්තුකරුවකු හික්කඩුව කළුපේ ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත්බැව් තෙලිකඩ පොලිසිය පවසයි. 25 May 2020
මත්ද්‍රව්‍ය සමඟ හමුදා සෙබළෙකු අත් අඩංගුවට හෙරොයින්,ගංජා සහ අයිස් යන මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි යුද හමුදා සෙබළෙකු කල්පිටිය නගරයේ පිහිටි නිවසකදී අද (24) රාත්‍රී අත් අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය පැවසීය 24 May 2020
අතුරුදන් වු පුද්ගලයකුගේ සිරුරක් ඩෙවෝන් ඇලෙන් හමුවෙයි දින තුනකට ප්‍රථම අතුරුදන් වු පුද්ගලයකුගේ මළ සිරුර අද (24) දින ඩෙවොන් දිය ඇල්ලට ජලය ගලා බසිනා ඩෙවොන් ඇලේ තිබි හමු වු බව දිඹුල පොලිසිය පැවසිය. 24 May 2020
අරක්කු හා බියර් තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ඇල්ල නිවුබර්ග් ප්‍රදේශයේ දී අද (24) සවස අරක්කු බෝතල් 14ක් හා බියර් ටින් 21 ක් සමග සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය කියයි . 24 May 2020
මදුරු කීටයන් බෝ කළැයි වදුරඹ 7 කට නඩු බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් මගින් වදුරඹ ප්‍රදේශයේ සිදුකල සෝදිසි කිරිම් වලදි නිවාස හා ව්‍යාපාරික ස්ථාන 242 ක් පරික්ෂණයට භාජනය කර බෝවීමට හැකි අයුරින් තම නිවාස භූමි නඩත්තු කළ හත් දෙනකුට සෞඛ්‍ය ආරක්ෂක හේතු මත නඩු පැවරීමට කටයුතු කල බව බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ.පී.නවරත්න මහතා පැවසීය . 24 May 2020
නීතී විරෝධීව වැලි පැටවු තිදෙනෙකු අත්අඩංගුවට ඉගිනිමිටිය ජලාශයේ වාන් ජලය ගලායන ඇළේ වැලි නීති විරෝධීව ට්‍රැක්ටර් 3 කට පටවමින් සිටි බව කියන පුද්ගලයන් තිදෙනෙක් එම වැලි ට්‍රක්ටර් හා වැලි පැටවීමට යොදා ගත් සවල් 3ක්ද සමඟ අද( 24) අත් අඩංගුවට ගත් බව නවගත්තේගම පොලීසිය පැවසීය. 24 May 2020
යතුරුපැදි අනතුරකින් තරුණයෙක් මරුට අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ගේට්ටුවක ගැටි සිදු අනතුරකින් තරුණයෙක් ජිවිතක්ෂයට පත් වි ඇති බව හැටන් පොලිසිය පැවසිය. 24 May 2020
කොළඹ ගංවතුර අවදානමට පෙර සූදානමක් අධික වර්ෂාව හේතුවෙන් කොළඹ ප්‍රදේශයේ ඇතිවන ගංවතුර තර්ජනය වළක්වාලීම සඳහා ඇතිවිය හැකි අවදානමට සූදානමක් ලෙසින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සමඟ එක්ව කොළඹ ප්‍රදේශයේ වාරිමාර්ග සුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු අරඹා තිබේ. 24 May 2020
විදුලිසැර වැදීමෙන් දියසෙන්පුර පුද්ගලයකු මරුට මැදිරිගිරිය,දියසෙන්පුර,රත්මල්යාය ප්‍රදේශයේදී අනාරක්ෂිත විදුලි රැහැනක පැටලී විදුලි සැරවැදීමෙන් අද(24) පුද්ගලයෙකු මියගොස් ඇතැයි මැදිරිගිරිය පොලීසිය කියයි. 24 May 2020
බලංගොඩ වාඩියක 18 හැවිරිදි තරුණයකුගේ සිරුරක් බලන්ගොඩ ඇල්ලෙපොළ ප්‍රදේශයේ තේ වත්තක වාඩියක තිබි සැක කටයුතු ලෙස මියගිය තරුණයකුගේ සිරැරක් අද (24) දා සොයාගත් බව පොලිසිය පැවැසිය. 24 May 2020
ගොවිජන සමිතියේ ලේකම්ට පහර දුන් පුද්ගලයකු රිමාන්ඩ් ආරච්චිකට්ටුව,පාංකුලාව වැවේ සොරොව්දොර කඩා එහි වතුර නාස්ති වීමට සලස්වා ගොවි සමිතියේ ලේකම්වරයාට පහරදුන් පුද්ගලයකු හලාවත වැඩබලන මහේස්ත්‍රාත් ශානක උදයංග මහතා වෙත අද (24) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජුනිමස 02 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පොලීසියට නියෝග කළේය. 24 May 2020
කටුගස්තොට විශේෂ මෙහෙයුමකින් වරෙන්තුකරුවන් 6 ක් අල්ලති මහනුවර දිස්ත්‍රික්කයේ කටුගස්තොට පොලිස් බල ප්‍රදේශය තුල ඊයේ 23 වනදා රාත්‍රියේ සිට අද 24 වනදා අලුයම දක්වා සිදු කරනු ලැබූ විශේෂ මෙහෙයුසකදී වරෙන්තුකරුවන් හය දෙනෙකු අත් අඩංගුවට ගනු ලැබු බව පොලිසිය පවසයි. 24 May 2020
අත්තිඩියේ නිවසක මැගසින්-උණ්ඩ සගවා සිටි අයකු අත්අඩංගුවට ගල්කිස්ස අත්තිඩිය බෝ සෙවන ප්‍රදේශයේ නිවෙසක් තුළ පිස්තෝලයක්, මැගසීනයක් සහ උණ්ඩ 04ක් සන්තකයේ තබා ගත් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. 24 May 2020
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025