රංජිත් රාජපක්ෂ
තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (25) දින එල්ල වු බඹර ප්‍රහාරයකින් තිදරු මවක් ජිවිතක්ෂයට පත් වි ඇති බව හැටන් පොලිසිය පවසයි.
මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ හැටන් පොලිස් වසමට අයත් ඇබොස්ලි වතු යායේ පදිංචි අම්බිගා මලර් නැමති (48) හැවිරිදි තිදරු මවකි.
හැටන් පොලිස් වසමට අයත් දික්ඔය තේ වත්තේ තේ දළු නෙලමින් සිටියදි ගසක් මත බැද තිබු බඹර කුඩුවක බඹර වදයක් කඩා ගැනිමට උකුස්සෙකු පහර දිම නිසා බඹර කුඩුව කැඩි තේ ගස් මතට වැටිම හේතුවෙන් බඹරුන් ඇවිස්සි තමන්ට පහර දුන් බවයි බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා සිටින වතු කම්කරුවෝ කියා සිටියහ.
ඇවිස්සුණු බඹරුන් තවත් පිරිසකට පහර දිම නිසා ඔහුන් බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා තේ වත්තේම වැටි සිටින බවත්, ඔහුන් මුදා ගැනිමට මේ වන විට හැටන් පොලිසියේ නිලධාරින් සහ වතු කම්කරුවන් දැඩි උත්සහයක නිරත වි සිටියි.
බඹර ප්‍රහාරයෙන් දැඩි ලෙස තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් හය දෙනෙකු සහ වතු කම්කරුවන් දෙදෙනෙකු දික්ඔය මුලික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇති බවද දික්ඔය මුලික රෝහලේ වෛද්‍යයවරු පැවසූහ.
2025 නොවැම්බර් මස 04
779
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2423
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බඹරු ඇනීමෙක් තිදරු මවක් ජීවිතක්ෂයට