(රංජිත් රාජපක්ෂ )
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ගේට්ටුවක ගැටි සිදු අනතුරකින් තරුණයෙක් ජිවිතක්ෂයට පත් වි ඇති බව හැටන් පොලිසිය පැවසිය.
මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ හැටන් ඩන්බාර් විදියේ පදිංචි ප්‍රසාද් බුද්ධික නිරෝෂන් (30) හැවිරිදි තරුණයකි.
ජිවිතක්ෂයට පත් තරුණයා යතුරුපැදිය සොදා නිවස වෙත ධාවනය කරවන අවස්තාවේ අතුරු මාර්ගයක පිහිටි නිවසක ගේට්ටුවක ගැටි මෙම අනතුර සිදු වි ඇති බවත්, යතුපරුපැදිය ලිස්සාගොස් ගේට්ටුවේ ගැටි මෙම අනතුර සිදු වි ඇති බව අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය කියා සිටියේ ය.
අනතුරෙන් බරපතල ලෙස තුවාල ලැබු තරුණයා රෝහල් ගත කරන විටත් ජිවිතක්ෂයට පත් වි ඇති බව හැටන් පොලිසිය කියා සිටියේය .



(ඡායාරූප - සුදත් එච්.එම්.හේවා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd