IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


සඳහිරු සෑයේ හතරැස් කොටුවේ පාදමට මුල්ගල් තබයි

(මනුල වික්‍රම)

අනුරාධපුර පුද බිමේ ඉදිකෙරෙන සඳහිරු සෑය දාගැබේ හතරැස් කොටුවේ පාදමට මුල්ගල තැබීම අද (25) උදෑසන සුබ මොහොතින් සිදු කෙරිණි.

අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම  සිරිනිවාස නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මුල්ගලතැබීමේ අවස්ථාවට වන්නි ආඥාපති මේජර් ජෙනරල් ධම්මික ජයසිංහ මහතා ඇතුළු සඳහිරුසෑය ව්‍යාපෘතිය භාර යුද හමුදා ප්‍රධානීන් පිරිසක් එක්වූහ.

මෙහි වැඩ අවසන්වන විට සම්පූර්ණ උස විය යුත්තේ අඩි 282 යි අඟල් 6 කි. වටප්‍රමාණය  අඩි 800කි. දාගැබේ ඉදිකිරීම් කටයුතු ත්‍රිවිධ හමුදාවේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ  මූල්‍ය හා ශ්‍රම දායකත්වයෙන් ද  සිවිල් ජනයාගේ පුණ්‍යාධාර හා ශ්‍රමදානයෙන් ද  සිදුකෙරේ.

දශක තුනක් තිස්සේ පැවැති යුද්ධය නිමා කළ මානුෂීය මෙහෙයුමට කැපවූ  රණවිරුවන් උදෙසා පිං අනුමෝදනා කර රටේ තිරසාර සාමයක් උදෙසා ආශිර්වාද කිරීමේ අරමුණින් මෙම දාගැබ ඉදිකෙරේ. එය ඉදිවන්නේ ශ්‍රී මහා බෝධින් වහනසේට දකුණු දෙසිනි.

අද උදෑසන ආගමික වතාවත් සඳහා අනුරාධපුර ලංකාරාමාධිකාරී උතුරුමැද පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක රැලපනාවේ ධම්මජෝති, මිරිසවැටිය විහාරාධිකාරී හා ශ්‍රී ලංකා රජරට විශ්විද්‍යායලයේ කුලපකි ඊතලවැටුණවැවේ ඤාණතිලක , අභයගිරි විහාරාධිකාරී අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයේ ආචාර්ය කල්ලංචියේ රතනසිරි , ජේතවන විහාරාධිකාරී , කථිකාචාර්ය කුඩාහම්මිල්ලෑවේ රතනපාල හා මිහින්තලා විහාරාධිපති ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන යන නාහිමිවරු මෙම අවස්ථාවට එක්වුහ.

 

 



අදහස් (0)

සඳහිරු සෑයේ හතරැස් කොටුවේ පාදමට මුල්ගල් තබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 779 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2423 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site