(ඩී.ජී.සුගතපාල)
දෙවිනුවර වැල්ලවත්ත ප්‍රදේශයේදි හෙරොයින් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 400 ක් සන්තකයේ තබාගෙන සිටි ධීවරයෙකු අද (25) රාත්‍රී අත් අඩංගුවට ගත් බව ගන්දර පොලිසිය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ දෙවිනුවර වැල්ලවත්ත පදිංචි 34 හැවිරිදි ධීවර කාර්මිකයෙකි.
පොලිසිය පවසන්නේ සැකකරු ධීවරයින්ට අලෙවි කිරිම සඳහා හෙරොයින් ගෙන එන්නට ඇතැයි සැක කරන බවය.
ගන්දර පොලිසියේ නිලධාරින්ට ලැබුණ තොරතුරක් අනුව සැකකරු අත් අඩංගුවට ගෙන ඇති අතර හෙට මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd