ඇඳිරිය කඩ කරමින් මාර්ගයේ ගමන් කළ අයෙක්ට දඩ
නිරෝධායන ඇදිරිනීතිය කඩ කරමින් ආරක්ෂිත හිස් වැසුම් නොපැලද,රියදුරු බලපත්රයක් නොමැතිව පොලිස් අණ නොතකා අන්තරාදායක ලෙස යතුරු පැදියක් ධාවනය කළ යතුරුපැදි කරුට රුපියල් 47,500ක දඩයක් ගම්පහ අතිරේක මහේස්ත්රාත් ආර්.එස්.එම්.මහේන්ද්රරාජා මහතා අද(28) වෙනිදා නියම කළේය.