(මොහොමඩ් ආසික්)
කටුගස්තොට රණවන මාර්ගයේ නාන තොටුපළ අසළ පිඟා ඔයේ ගිලී මිය ගිය බවට සැක කරන පුද්ගලෙයකුගේ නාඳුනන මළ සිරුරක් අද (30) සවස පොලීසියට හමු වී තිබේ.
පොලිසිය ලැබුණු තොරතුරක් අනුව එම ස්ථානයට ගිය පොලීසිය පිඟා ඔයේ පාවෙමින් තිබූ මෙම පුද්ගලයාගේ සිරුර ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව ගොඩ ගනු ලැබ තිබේ.
මොහු නාන තොටුපළ අසල සිය කමිසය මුඛ ආවරණය සහ සෙරෙප්පු ජෝඩුවද ගලවා තබා තිබියදී පොලීසියට හමු වී තිබේ.
වයස අවුරුද 55 -60 ත් අතර පෙනුමක් ඇති මෙම පුද්ගලයා කමිසය මුඛ ආවරණය සහ සෙරෙප්පු ජෝඩුව ගලවා තබා දිය නාන්නට නාන තොටුපළෙන් පිඟා ඔයට බසින්නට ඇති බවත් එහිදී ඔහු කුමන හෝ හේතුවක් මත දියේ ගිලී මිය යන්නට ඇති බවත් පොලිසිය විශ්වාස කරන නමුත් මේ සම්බන්ධයෙන් වූ හදිසි මරණ පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබිණ.
කටුගස්තොට පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.


COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.