IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ප්‍රමිතියෙන් තොර ආහාර ප්‍රවාහනය කළැයි දෙදෙනකුට දඩ

(ඩී.ජී.සුගතපාල)

ආහාර ප්‍රවාහනය කිරිම සඳහා නිසි පරිදි සකස් නොකරන ලද වාහනයකින් බේකරි නිෂ්පාදන අලෙවි කරන ලද පුද්ගලයෙකුට සහ එම බේකරි නිෂ්පාදනය කරන ලද බේකරියේ කළමණාකරුට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය අද(28) රුපියල් 45000ක දඩ නියම කළාය.
 
ආහාර ප්‍රවාහනය කිරිම සඳහා නිසි පරිදි සකස් නොකරන ලද වාහනයකින් ආහාර ප්‍රවාහනය කිරිම ,
 
නිෂ්පාදිත දිනය සඳහන් නොමැති බනිස් පැකට් අලෙවිය සඳහා ප්‍රදර්ශනය කිරිම යන චෝදනාවන්ට චුන් පාන් අලෙවිකරුවු බූස්ස විජය ගම ජයමුණි සශික ඉසංගද සිල්වා යන අයට රුපියල් 25000ක දඩයක්ද ආහාර ගබඩා කිරිමේදි සහ ප්‍රවාහනයේදි දූෂණය විමෙන් ආරක්ෂා විමට ප්‍රමාණවත් පියවර නොගෙන ජංගම අලෙවි රථ යෙදවිම සම්බන්ධයෙන්   ගාල්ල ඥාණෝභාස මාවතේ දේදුනු බේකරියේ කළමනාකරුවන රත්නායක මුදියන්සේලාගේ ජයසිංහ යන අයට රුපියල් 20000ක් දඩයක්ද ලෙස මෙසේ දඩ නියම විය.
 
ගාල්ල කලේගාන සහ ජූල්ගහ හන්දිය අතරදි  ගාල්ල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් මෙම චූන් පාන් රථය පරික්ෂා කර නඩු පවරා ඇති අතර මහජන සෞඛ්‍ය පරික්ෂක චිරන්ත ගුරුගේ මහතා විසින් පැමිණිල්ල මෙහෙයවන ලදී.



අදහස් (0)

ප්‍රමිතියෙන් තොර ආහාර ප්‍රවාහනය කළැයි දෙදෙනකුට දඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 776 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2417 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site