ලලිත් නවරත්න.
පුත්තලම හලාවත ප‍්‍රධාන මාර්ගයේ ආරච්චිකට්ටුවල නල්ලදරන්කට්ටුව ප‍්‍රදේශයේදී අද 29 පෙ. ව 9. 00ට පමණ සිදුවූ දොඹකර සහිත ලොරිරථ කැබ්රථ ගැටුමකින් එක් අයෙකු මරණයට පත්ව තිදෙනෙකු බරපතල තුවාල ලබා හලාවත රෝහලට ඇතුලත්කර ඇති බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.
මෙම අනතුරෙන් මරණයට පත්ව ඇත්තේ රාජකදලූව කරුක්කුලිය පදිංචි හෙට්ටිඅිරච්චිගේ රසික මධුසංක නැමති 20 හැවිරිදි අවිවාහක තරුණයෙකි.
බරපතල තුවාල ලබාඇති එක්අයෙකුගේ තත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
තුවාල ලබා රෝහල්ගතකර ඇත්තේ දොඹකරය සහිත ලොරිරථයේ ගමන්ගත් දෙදෙනෙකු සහ කැබ්රථයේ ගමන්ගත් රියදුරුය.
පුත්තලම දෙසසිට ගමන්ගත් කැබ්රථයේ හලාවත දෙසසිට පැමිණි දොඹකරය සහිත ලොරිරථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. ලොරිරථය අනතුරෙන් පසු මාර්ගයේ වැටී ඇති අතර කැබ්රථය මාර්ගයෙන් ඉවතටපැන අසල තාප්පයකවැදී නැවතී ඇත.
දොාඹකරය සහිත ලොරිරථය හලාවත විදුලිබල මණ්ඩලයේ කොන්ත‍්‍රාත්පදනම මත රාජකාරි කරන රථයක්වන අතර කැබ්රථය වව්නියාව සිට කොළඹ දක්වා ගමන්ගත් පුද්ගලික රථයකි. අනතුර සිදුවන අවස්ථාවේ කිසිදු වාහනයක් හෝ පුද්ගලයෙකු එම ස්ථානයෙන් ගමන්කර නැත.
මෘතශරීරය පරීක්ෂණ සඳහා හලාවත රෝහලේ තබා ඇතිබව පොලීසිය පවසයි . ආරච්චිකට්ටුව පොලීසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස පරීක්ෂක අනුරාධ හේරත් මහතාගේ ප‍්‍රධානත්වයෙන් රථවාහන අංශයේ ස්ථානාධිපතිඋප පොලිස් පරීක්ෂක බංඩාර ඇතුලූ නිළධාරීන් අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි .



2025 නොවැම්බර් මස 04
776
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2417
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලොරි-කැබ් රථ අනතුරකින් අයෙක් මරුට : තිදෙනෙකුට බරපතලයි
de silva Friday, 29 May 2020 08:33 AM
වාහන දෙකම හරිම හෙමින් ගිහින් තිබෙන බව පෙනෙනවා.